මේ දිනවල ඉතා උස හඩින් කෑ කෝ ගසන රටේ ජනාධිපතිවරයා මොකෙක් හෝ ගොබ්බයෙක් ලියා දෙන ඕන මගුලක් දෙවරක් කියවන්නේ නැතිව ගිරවෙක් වගේ කියවන බව අද ඔප්පුකලේ ජාතිය අමතමින් රටේ වැදගත්ම දිනයේයි.
රටේ ආර්ථිකය ගෙන ගොඩනගනවා යයි පැවසු ජනාධිපතිවරයාට සාමාන්‍ය දැනුම අනුව කල්පනාවෙන් ලියා දෙන කොලය කියවාගන්නට බැරිනම් ධන ඍණ වන ආර්ථික න්‍යායන් විසදා ගැනීමට හැකිවේදැයි සිතිමවත් හාස්‍යට කරුණකි. තමන් පසුගියදා රුපවාහිනියකට පැවසුවේ වෙනත් ජානාධිපතිවරු විපක්ෂ නායක පක්ෂ නායක හෝ අගමැතිවී සිට ජනාධිපති වී ඇති බවයි. නමුත් තමන් ඇමති වී සිට දින 42 න් ජනාධිපති වූ බවයි.
මෙම කාරණයේ බරපතල කම දිනෙන් දින ඔහු සහ ඔහු වටා සිටිනවුන් රටට සනාත කරමින් සිටි. රටේ ප්‍රධාන පුද්ගලයා යම් අයෙක්ගේ රූකඩයක් පමණක් වනවා නම් මේ රට පාලනය වන්නේ වන්දිබට්ටයන් අතිනි. තමන්ට තීරණ ගැනීමට ප්‍රබල පෞර්ශවයක් හා ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. එහෙත් මෙවන් සිද්දීන් වලින් සිදුවන්නේ රටේ නායකයාගේ කිර්තිනාමය හානිවී පාලකයාගෙන් පාලනය වීමට හිරිකිතයක් ඇතිවීමයි. ඕනෑම අයෙකුට සියල්ල වෙනස් කරගත හැක. එයට කැපවීම පමණයි අවශ්‍ය වන්නේ. එය වසර 3 ක් යන තැනද වෙනස් වී නැති බවයි ජනතාවට පෙනී යන්නේ.