Breaking News
Home / ක්‍රිඩා / ලොකු කුසල්ගේ වාර්තාගත ප්‍රහාරයෙන් වර්තමානයේ දැවැන්ත ප්‍රහාරකයන් දෙදෙනා තිසර දසුන්ගේ එකතුවෙන් වසර දෙකකට පසු ඉන්දියාව දනගස්වයි

ලොකු කුසල්ගේ වාර්තාගත ප්‍රහාරයෙන් වර්තමානයේ දැවැන්ත ප්‍රහාරකයන් දෙදෙනා තිසර දසුන්ගේ එකතුවෙන් වසර දෙකකට පසු ඉන්දියාව දනගස්වයි

Image may contain: one or more people, people playing sports and outdoor

කාසිය වාසිය දිනා පළමුව පන්දු යැවූ ලංකාවට එරෙහි ඉන්දියාව ලකුණු 174 ක් ලබා ගත් අතර එය හබාගොස් කඩුලු 5 ක ජයක් ලබන්නට නිදහස් කුසලාන පළමු තරගයෙන්ම සමත් වුනා. මේ ඉන්දියාවට එරෙහි පිට පිට 20 20 තරග 7 ක් පරාජය වී ලබාගත් පළමු ජයයි.

එසේම වසර දෙකකට පසු ඉන්දියාවට එරෙහි ලබාගත් පළමු 20 20 ජයත් මෙය වනවා. එසේම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක් ලබාගත් දෙවන වේගවත්ම අර්ධ ශතකය දැවැන්ත ජයග්‍රාහි ප්‍රහාරයක් එල්ල කල කුසල් පෙරේරා ලබා ගන්නේ පන්දු 22 කින්. මෙහි පළමු වැන්නා වී ලංකා වාර්තාවට හිමිකම් කියන්නේ ලෝක පුජිත ක්‍රීඩක කුමා සංගක්කාර 2009 දී ඉන්දියාවේදී පන්දු 21 කින් ලබාගත් අර්ධ ශතකයයි.

තවද ශ්‍රී ලංකා කණ්ඩායමක් ලංකාවේදී හබා ගොස් ජයගත් වැඩිම ලකුණ අද ලබා ගත් 175 ද වනවා. එසේම 2018 වසරේ හා හතුරුසිංහ කණ්ඩායම බාරගත් පසු පිට පිට ලැබූ 3 වන 20 20 ජයත් මෙයද වනවා.

තරගයේ වීරයා වුයේ පන්දු 37 කට ලකුණු 66 ක් ලබාගත් කුසල් ජනිත්. ඔහු දැවැන්ත 6 පහර 4 ක් ලබා ගත්තා. අවසානයේ දසුන් ශානක හා තිසර පෙරේරා පන්දු 23 කින් ලකුණු 39 ක් ලබාගෙන පන්දු 9 ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කළා. එසේම ලංකාව වෙනුවෙන් හයේ පහරවල් ධනුෂ්ක 2 කුසල් 4 ක් උපුල් 1 ක් හා තිසර 1 ක් ලෙස හයේ පහර 8 ක් ලබා ගත්තා.

අවසානයේ ඉන්දීය නායකයා පැවසුවේ සියලු ගෞරව ලංකාවට හිමිවිය යුතු බවත් ඔවුන්ගේ ක්‍රීඩා විලාශය ඔවුන් ජයග්‍රහණය කල බවත් පැවසුවා. එසේම ලංකා නායකයා පැවසුවේ හතුරුගේ පැමිණීමත් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමත් එකවර නැගිටීමට හේතුවූ බව පැවසුවා.

දෙවන තරගය 8 වනදා බංගලාදේශය හා ඉන්දියාව අතර පැවැත්වෙන අතර ලංකාව අතර මීලග තරගය බංගලාදේශය සමග සෙනසුරාදා පැවැත්වෙයි.

Image may contain: 1 person, playing a sport and outdoorImage may contain: 7 people, people standing and outdoorImage may contain: 1 person, playing a sport and outdoorImage may contain: 1 person, smiling, standing and outdoorImage may contain: 2 people, text

 

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!