Breaking News
Home / දේශීය පුවත් / ලෙස්ටර්ගේ සම්මානේ හොරාගත් උන් එජාප මැයි රැලියට ගිහින්. උන්ගේ දරුවන් කැම්පස් යන අය. ඒ අය මේ ගැන දන්නේනෑ

ලෙස්ටර්ගේ සම්මානේ හොරාගත් උන් එජාප මැයි රැලියට ගිහින්. උන්ගේ දරුවන් කැම්පස් යන අය. ඒ අය මේ ගැන දන්නේනෑ

“දරුවො බිස්නස්කාරයෝ,සමහර දරුවන් කැම්පස් වල,අවුරුදු හතලිහක ඉදන් වැඩේ කරලා”

සම්මානනීය සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ගේ අවමගුල දා ඔහුගේ රණමයුර සම්මානය අතුරුදහන් වීම පිළිබදව කතාබහක් ඇතිවුනා. කෙසේ වෙතත් ඉන්පසුව එම සම්මානය සොරාගත් පුද්ගලයන් අත්අඩංගුවටගැනීමට පොලීසීය සමත් වුනා.

කෙසේ වෙතත් මෙම සොරකම සිදු කළ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා. එහිදි ඔවුන් මෙම සොරකම සිදු කළ අයුරු පොලීසියට හෙළිකර තිබුනා. මෙම සොරකම සිදුකර තිබුනේ නවරත්න බණ්ඩාර
නම් ලියාපදිංචි අපරාධකාරයෙක් ප්‍රමුඛ ඔහුගේ කල්ලිය විසිනි.

ලෙස්ටර්ගේ අවමගුලට සිය කල්ලිය සමග යන නවරත්න බණ්ඩාර ඉතා සූක්ෂ්ම ලෙස සම්මානය සො‍රකම් කර නිවසින් පිටවන්නේය. ඊට සුළු මොහොතකට පසුව නවරත්නගේ කල්ලි සාමාජිකයන් දෙදෙනකුද එම නිවෙසින් පිටතට පැමිණියහ. ඒ ආනන්ද රෝහණ සහ ශිවා නමැත්තන්ය.

නිවෙසින් පිටතට පැමිණි ආනන්ද රෝහණගේ කලිසම් සාක්කුවේ වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඥාති දියණියක් සතු ‘ඇපල්’ වර්ගයේ ජංගම දුරකථනයකි. එහි වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ විය. එම නිවෙසේ කැබිනෙට්ටුවක උඩ තබා තිබූ ජංගම දුරකථනය එලෙස ආනන්ද විසින් සූක්ෂ්ම ලෙස සොරාගෙන තිබුණේය.

ආනන්ද රෝහණ සහ ශිවා පා ගමනින් නිදහස් චතුරස්‍රය පිහිටි ප්‍රදේශයට ගිය අතර නවරත්න බණ්ඩාර ඇතුළු පිරිස රතු පැහැති ත්‍රිරෝද රථයක නැඟී කොටුව ප්‍රදේශයට පිටත්ව ගියහ.චන්ද්‍රසිරි අල්විස් වේගයෙන් ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් කොටුව හෙට්ටිවීදියේ රථය නවතණු ලැබීය. හෙට්ටිවීදියේ දිවා ආහාර ගත් තිදෙනා අනතුරුව එම ස්ථානයෙන් විසිරී ඔවුන් පදිංචි නිවෙස්වලට ගියහ.

රණ මයුර යාවජීව සම්මානය රැගත් නවරත්න බණ්ඩාර කොටුවෙන් බස් රථයක නැඟී ගම්පොළ ප්‍රදේශයට ගියේය

මෙම සැලසුම් සහගත සොරකමේ සොර කල්ලි සාමාජිකයන් සොයා පොලිස් මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක විය. ඒ වන විටත් සිවු දිනක් පුරා විමර්ශන කටයුතුවල නියැළි බම්බලපිටියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක අජිත් මෙත්තානන්ද ප්‍රමුඛ කණ්ඩායමක් සම්මාන සොරුන් කවුරුන්දැයි සොයාගෙන තිබිණි. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිවෙස අවට සී.සී.ටී.වී. සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල ලෙසටය.

පොලිස් විමර්ශකයන් රතු පැහැති ත්‍රිරෝද රථයක් සම්බන්ධයෙන් වූ සැකයක් මත සිය විමර්ශන පුළුල් කළහ. අවසානයේදී ඔවුහු ත්‍රිරෝද රථයේ ලියාපදිංචි හිමිකාරිනියසොයා ගත්හ. ඇය කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

පසුව ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ත්‍රිරෝද රථය භාවිත කරන ඇයගේ පියා වන චන්ද්‍රසිරි අල්විස් හෙවත් රාජාව අත්අඩංගුවට ගනු ලැබීය. ඒ ඉකුත් 05 වැනිදාය. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ සම්මාන සොරා ගත් කල්ලිය ඉකුත් මැයි 06 වැනි දින ලෝක කම්කරු දිනය වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා පිටියේ පැවැත්වෙන එජාප රැලියට පැමිණෙමින් සිටින බවයි. ඒ ඊට රැස්වන එජාප පාක්‍ෂිකයන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන සහ වටිනා භාණ්ඩවලට විදීම සඳහාය.

අත්අඩංගුවට පත්වී සිටින චන්ද්‍රසිරිගේ ජංගම දුරකථනය හරහා සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් ගම්පොළ සිට ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටි ආනන්ද, ශිවා සහ නවරත්න ඒ අනුව කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. එසේම ඒ වන විටත් පික්පොකට් ගැසීම සඳහා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ගොස් සිටි සිසිර කුමාර නමැත්තාද පොලිස් අත්අඩංගුවට පත්විය.

ඔවුන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රණමයුර යාවජීව සම්මානය සොරකම් කිරීමේ සියලු තතු හෙළිවිය.

එම කල්ලිය සොරකම් කළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ඥාති දියණියගේ රුපියල් ලක්‍ෂයක් වටිනා ජංගම දුරකථනයද, රුපියල් හාරදහසකට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී. සොර භාණ්ඩ ළඟ තබා ගැනීමේ වරදට නාවලපිටියේ ජංගම දුරකථන අලෙවිසලක හිමිකරුවකු වූ ගුරුසාමි ශාමලත් හෙවත් ශාමි නමැත්තා අත්අඩංගුවට පත් විය.

මෙම කල්ලිය සංවිධානාත්මක ගැටකපන්නන් කල්ලියකි. ඔවුන්ගේ වෘත්තිය වන්නේද ගැටකැපීමය. එය ඔවුහු වසර 40ක කාලයක සිට කරගෙන යති.

එම කල්ලියේ ප්‍රධානියා වන්නේ ගම්පොළ පදිංචි උෟරලගම දිසානායක මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර හෙවත් රලහාමිය. ඔහු රජයේ ලියාපදිංචි අපරාධකරුවෙක් වන්නේ වර්ෂ 1977දීය. මේ වන විට තෙල්දෙණිය, මහව, පන්නල, කෑගල්ල යන මහෙස්ත්‍රාත් අධිකරණවලින් ඔහු සොරකම් හතකට දඬුවම් විඳ තිබේ. ඔහු මුදල් පසුම්බි සොරා ගැනීමට අති දක්‍ෂයෙකි. ලෙස්ටර්ගේ සම්මානය සූක්‍ෂ්ම ලෙස සොරකම් කළේ ඔහුය.

ආචාර්ය ලෙස්ටර්ගේ ඥාති දියණියගේ ජංගම දුරකථනය සොරකම් කළ මුණසිංහ ආරච්චිගේ ආනන්ද රෝහණ පෙරේරා පදිංචිව සිටින්නේ නාවලපිටිය, සමඟිපුරය. ඔහුද වර්ෂ 2004දී දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලැයිස්තුවට වැටි අයෙකි. ඔහුද පන්විල සහ රුවන්වැල්ල යන අධිකරණවලින් දෙවතාවක් වරදකරුවකු වූ අයෙකි. අත්අඩංගුවට පත්වූ නවශිවායාම් නලේන්ද්‍රන් හෙවත් ශිවාද වර්ෂ 2014දී ලියාපදිංචි අපරාධ කරුවන්ගේ ලැයිස්තුවට පැමිණි අයෙකි. ඔහුද අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයේ දෙවතාවක් වැරැදිකරු වූ අයෙකි.

මෙම කල්ලිය සිය අඹුදරුවන් රකින්නේ මෙම රස්සාවෙනි. නමුත් අඹුදරුවෝ මේ වගක් නොදනිති. මොවුන්ගේ ඇතැම් දරුවන් සරසවි වරම් පවාලැබූ අය වේ. ඇතැම් දරුවන් විදෙස් රැකියාවල නිරත වේ. තවත් අයගේ දරුවන් වෙළෙඳ ව්‍යාපාර සිදුකරති. මොවුන් ජීවත් වන්නේද හොඳට තැනූ නිවාසවලය. ඔවුනට යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇත.

ඒ සියල්ල ඔවුන් හරිහම්බ කරගෙන ඇත්තේ මෙම නීති විරෝධී රැකියාවෙනි.

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!