Breaking News
Home / දේශීය පුවත් / ලෙඩ්ඩු මරලා හරි අම්මා අප්පා විකුනලා හරි කුමන්ත්‍රණ වලට වර්ජන කරන සංගමේ හෙට දොස්තර වැඩ වර්ජනයට පොහොට්ටුවෙන් ලක්ෂ 72 ක් දීලලු

ලෙඩ්ඩු මරලා හරි අම්මා අප්පා විකුනලා හරි කුමන්ත්‍රණ වලට වර්ජන කරන සංගමේ හෙට දොස්තර වැඩ වර්ජනයට පොහොට්ටුවෙන් ලක්ෂ 72 ක් දීලලු

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (30) කැඳවා ඇති වැඩ වර්ජනය සම්පූර්ණයෙන්ම ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා සිදුකරන වැඩ වර්ජනයක් බවට තොරතුරු හෙළිවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගියදා පැවැත්වුණු පැවැත්වුණු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය වෙනුවෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත ලබාදී ලබා දී ඇත. ඊට අමතරව වෛද්‍යවරුන් කැඳවාගෙන ඒම සඳහා බස් රථ යොදවා තිබූ අතර බස් රථ සඳහා මුදල් ලබාදී ඇත්තේද බැසිල් රාජපක්ෂ විසිනි. මේ සියළු තොරතුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජේෂ්ට නිලධාරියෙකුගේ ලැබී ඇති බව සදහන්.

එම පුද්ගලයා ඒකාබද්ධ විපක්ෂය සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකල සියලු සාකච්ඡාවන්ට සහභාගී වී ඇත. ඔහු විසින් ලබාදුන් තොරතුරු ප්‍රකාරව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ විමර්ශනය කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කර අදාළ නීතිමය පියවර ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

දොස්තර නිලවරණයේදී දොස්තරවරු කලිසන් කමිස ඉරාගෙන ගුටිබැට හුවමාරුවකුත් කරගත්තේ මෙම දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් අනුව බවයි වාර්තා වන්නේ.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!