Breaking News
Home / දේශීය පුවත් / ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත පෙරේරා නම් පොහොට්ටුවේ පුද්ගලයා මෙන්ම සිරිසේනගේ මෑත කාලින විදෙස් සංචාර සියල්ලේ දුතක් ලෙස ගිය පුද්ගලයා පවසයි.

ලංකාවට මහා පරිමාණයෙන් එතනෝල් නැතිනම් මත්පැන් ස්ප්‍රිතු ගෙන්වන 4 දෙනාගෙන් එක අයෙක් ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මොහුගේ නමත් හෙළි කළා. මොහු පවසන්නේ 19 වන සංශෝධනය ක‍්‍රියාත්මක වන්නේ කතානායකවරයා ඊට අත්සන් තැබු දිනයේ සිට නිසා මෙම තත්වය ඇතිව තිබෙන බවත් ඔහු සදහන් කරයි.

තම ධුර කාලය ක‍්‍රියාත්වක වන කාල සීමාව සම්බන්දයෙන් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසුවහොත් ස්ථිර වශයෙන්ම එම තීරණය ලැබෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.කෙසේ වෙතත් මීට පෙර ජනාධිපතිවරයා විසින් තම ධුර කාලය වසර පහක්ද හයක්ද කියා විමසූ අවස්ථාවේදී උපරිමාධිකරණ මතය වූයේ වසර පහක් බවයි.

මේ අතර මැතිවරණ කොමිසම සදහන් කරන්නේ මෙම වසරේ ඔක්තොම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් කැදවීම ස්ථිර බවයි. ඔක්තෝබර් 26 තම පුද්ගලික උවමනාවන් හා බලය රැකගැනීමට ගැසූ ගැටය අසාර්ථක වූ පසු මේ වන විට තවත් මාස 4 හෝ දුරය ලෙව කෑමට සිරිසේන හා සිරිසේන රෙජීමය උත්සහා කිරීමේ කරුණ පළමු සමාජ ගත කිරීම ලෙස මෙය නම් කල හැකි.

එක දුර කාලයෙන් ජනාධිපති ක්‍රමය අහෝසි කර ගෙදර යන බවට සෝභිත හිමිගේ දේහයේ අත තියා දිවුරා මේ වන විට ලුණු බික්කත් බඩට මෙන් අනාත වී තිබෙන රට ආර්ථිකය බල්ලට දමා සතියක් හෝ වැඩි පුර සිටීමට නැවත සැලසුම් සකස් කරමින් තිබෙන බවයි පෙනී යන්නේ.

මේ ලංකා ඉතිහාසයේ නිදහසින් පසු දුටු තුච්චතම දශක කිහිපය වන අතර මේ වන විට අකණ්ඩව වසර 25 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක පිල් වල පුද්ගලයකු රටේ නායකයා වී සිටි. මේ එම පක්ෂය ප්‍රමුක පුද්ගලයන්ගේ වැඩ බැරි අසාර්ථක මෝඩ දුෂිත කම පෙන්වන හොදම උදාහරණය වෙයි. රටේ ආර්ථිකට බින්දුවට වැටි රට දුෂිත වී රට අන්තයටම වැටි තිබීමට සම්පුර්ණ වගකීම මොවුන් සතුවෙයි.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!