Breaking News
Home / විශේෂ ලිපි / ලබන මාසේ එන සුපිරි නිසාන් ලීෆ් රථය මෙන්න

ලබන මාසේ එන සුපිරි නිසාන් ලීෆ් රථය මෙන්න

පරිසර හිතකාමී මෝටර් රථ අතර ලොව වැඩිම අලෙවියක් ඇති රථය ලෙස ප්‍රකට නිසාන් ලීෆ් රථයේ එක් බැටරි ආරෝපණයකින් කිලෝමීටර් 378ක් (සැතපුම් 235ක්) ධාවනය කළ හැකි නවතම නිසාන් ලීෆ් රථය ඔක්තෝබරයේදී වෙළෙඳ පොළට හඳුන්වාදීමට යයි.

මෙම රථය දැනට වෙළෙඳ පොළේ පෙරමුණ ගෙන සිටින එක් ආරෝපණයකින් වැඩිම දුරක් ධාවනයේ යෙදෙන ටෙස්ලා සහ ජෙනරල් මෝටර්ස් මෝටර් රථ අභිභවා ගොස් නැති බවද වෙළෙඳ පොළ දත්ත පවසයි.

මෙම නව ලීෆ් රථය autonomous driving technology ඇතුළු නවීන තාක්ෂණයන්ගෙන් මෙන්ම, නූතන පෙනුමක්ද සහිතව වෙළෙඳ පොළට ඉදිරිපත් කර තිබේ.

මෙම නව ලීෆ් රථය එළැඹෙන ඔක්තෝබරයේදී ජපාන වෙළෙඳ පොළට හඳුන්වාදෙන අතර, 2018 මුලදී ලෝකයේ සෙසු වෙළෙඳ පොළ වෙත හඳුන්වාදීමට නියමිතය.

මෙම රථයට කිලෝවොට් පැය 40ක ධාරිතාවයෙන් යුතු බැටරියක් යොදාගැනීම නිසා එක් ආරෝපණයකින් වැඩි දුරක් ධාවනයට ඉඩ සැලසී තිබේ.

එමෙන්ම, මෙම රථය පෙර පැවති ලීෆ් රථවලට වඩා බැලූ බැල්මට පාරිභෝගිකයන්ගේ සිත් බැඳගන්නා නිමාවකින් යුතු රථයක් බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.

About article14

Check Also

ලංකාවේ ව්‍යාපාර කරන්න ගියාම පාගා ඉල්ලා. අද ඩොලර් බිලියන වලින් ඕමානයේ කටාර් රාජ්‍යයේ හයිවේ හදන එදා කුලී වැඩ කරපු ලාංකිකයා

කුලී වැඩ කරපු මම අද දැවැන්ත සමාගමක හිමිකරුවෙක්. මිලන් ඩි සිල්වා සභාපති Milcris (pvt) Ltd …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!