Breaking News
Home / දේශීය පුවත් / ලාංකේය රේඩියෝ ඉතිහාසයේ කෝරලේ මහත්තයාගේ මැණිකේ රගමඩලින් සමුගනී ශ්‍රීදේවිය ගැන සංවේදී වූ නුතන පරපුර දැනගත යුතු රත්නාවලී කැකුනුවෙල

ලාංකේය රේඩියෝ ඉතිහාසයේ කෝරලේ මහත්තයාගේ මැණිකේ රගමඩලින් සමුගනී ශ්‍රීදේවිය ගැන සංවේදී වූ නුතන පරපුර දැනගත යුතු රත්නාවලී කැකුනුවෙල

සිනමා ,වේදිකා ,රුපවාහිනී රංගන ශිල්පිණියක සහ ගුවන් විදුළි ශිල්පිණියක වූ රත්නාවලී කැකුණවල මාතාව අද දින මෙලොවින් සමු ගත්තාය .
කෙටි කළක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය.

ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් 1951.දෙසැම්බර් 21 වන දින පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයක් ඇයගේ ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය විය. ඇය මුවන් පැලැස්සේ ‘කදිරා’ ලෙස හඞකැවූ වික්ටර් මිගල් මහතාගේ නැගණියද විය.

මුවන් පැලැස්ස යනු ලංකේය රේඩියෝ ඉතිහාසයේ අතිශය සාර්ථකම කතා මාලාව වන අතර රුපවාහිනිය රටේ නොමැති කාලයේ චිත්ත රුප මවමින් රටේ අස්සක්මුල්ලක් නැර මිනිසුන්ගේ හදවත්වල රැදී තිබු අපුරු කතාවක්. එහි කෝරලේ මහත්තයා ලෙස ප්‍රවීන ශිල්පී විජේරත්න වරකාගොඩ හඩ දායකත්වය ලබා දුන්නා. එහි මැණිකේට හඩ දායකත්වය ලබා දුන්නේ මෙතුමිය විසිනි.

මුළින්ම ගුවන් විදුළියට එක් වූ ඇය අතිශය ජනප්‍රිය ගුවන් විදුළි නාට්‍ය ශිල්පිණියක ලෙස මහ රෑ හමුවූ ස්ත්‍රිය,කුරුළු බැද්ද ,මුවන්පැලැස්ස යන නාට්‍ය වල සිය හඬ වෙනස් කරමින් වැඩිහිටි චරිත රඟපෑවාය .සත් සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිස මුවන්පැලැස්ස චිත්‍රපට ත්‍රිත්වයේම මැණිකේ ලෙස රංගනයේ යෙදුනු ඇය දියමන්ති ,කරුමක්කාරයෝ ,ආරාධනා ,දඩයම ,බට්ටි ,වදුල ඇතුළු චිත්‍රපට වල රංගනයෙන් දායක වුවාය .

උතුරේ රාහුල ,උතුරේ අරගළය යන වේදිකා නාට්‍ය වල සිය දස්කම් පෙන්වූ ඇය ටෙලි නාට්‍ය රැසක වැඩිහිටි සැර පරුෂ චරිත නිරුපණය කළ අතර සරසවිය ,ජනාධිපති ,උණ්ඩා ,ගුවන් විදුළි සම්මාන වලින්ද පිදුම් ලැබු ප්‍රවීණ ජ්‍යෙෂ්ට රංගන ශිල්පිණියක වුවාය.

ඇගේ දේහය රත්මලාන වෙඩිකන්ද පාර 25/c ස්ථානයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ලබන සදුදා සවස 4 ට බොරැල්ල කනත්තේදී සිදුකරන බව දැනට වාර්තාවෙයි.

Image result for muwan palassa

Image may contain: 1 person, sitting, closeup and indoor

Image may contain: 1 person, smiling, sitting

About article14

Check Also

මහින්ද හා චම්පික රණවක දෙදෙනා පාර්ලිමේන්තු කලබලය මැද කතා කර කර සිටින විට ලොහාන් රත්වත්තේ චම්පිකට පහර දෙයි

වෙල්ගම මන්ත්‍රීවරයා මෑතකදී කියූ ‘ඔබේ අත් දෙකේම ලේ’ යයි චෝදනා කල ලොහාන් චම්පිකට පහරදුන් විදිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!