Breaking News
Home / දේශීය පුවත් / ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒකබද්දේ ජවිපේ හා නිදහස් පක්ෂෙ එකතුවී රවී ඇතුළු එජාපෙට තලයි

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඒකබද්දේ ජවිපේ හා නිදහස් පක්ෂෙ එකතුවී රවී ඇතුළු එජාපෙට තලයි

බැඳුම්කර කොමිසම ඉදිරිපත් කළ වාර්තාවේ කරුණු වලට අවශ්‍ය පියවර ගැනීම සඳහා වහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

මහබැංකු බැඳුම්කර වාර්තාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් ඒ සදහා විවාද කිරීමට පාර්ලිමේන්තුව කඩිනමින් කැදවන ලෙසත් එජනිස මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (04) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස ඉල්ලීමක් කිරීමට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම සූදානම් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මහබැංකු බැඳුම්කර වාර්තාව සහ එහි නිර්දේශ ඉදිරිපත් කිරීමට කඩිනමින් පාර්ලිමේන්තුව කැඳවන්නයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් ද කර ඇත.

පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිතව තිබෙන්නේ ජනවාරි 23 වැනිදා බැවින් එකී කාලය දීර්ඝ බවත් එහෙයින් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවත් අනුර දිසානායක පෙන්වා දෙයි.

මන්ත්‍රිවරයා පවසන්නේ අදාළ වාර්තාව හරහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් කෝටි 1100කට අධික මුදලක් ලාභ ලබා ඇති අතර එයින් රුපියල් කෝටි 850ක් රාජ්‍ය ආයතනවලට අහිමිව ඇති බවත් හෙළිදරව් වී ඇති බවය.

කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මුදල් සම්බන්ධ නව නීති සම්පාදනය කළ යුතු බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවයි.

About article14

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!