Breaking News
Home / ක්‍රිඩා / ඩු ප්ලේසිස්ගේ උඩපන්දුව ගිලිහියාමේ අවසරයෙන් ඔහුගේ 11 වන ශතකය ලබාගයි අප්‍රිකාවට පළමු තරගය පහසු ජයක්. ටෙස්ට් කණ්ඩායමේ දුටු ගැම්ම මේ කණ්ඩායමේ නැ

ඩු ප්ලේසිස්ගේ උඩපන්දුව ගිලිහියාමේ අවසරයෙන් ඔහුගේ 11 වන ශතකය ලබාගයි අප්‍රිකාවට පළමු තරගය පහසු ජයක්. ටෙස්ට් කණ්ඩායමේ දුටු ගැම්ම මේ කණ්ඩායමේ නැ

ලකුණු 300 ත් 320 ක් පමණ ශ්‍රී ලංකාව ලබා ගනී යන ස්බාවයෙන් ක්‍රීඩා කල ලංකාව අවාසනාවන්ත ලෙස 231 කට දැවී යාමත් සමග ලකුණු පාරාදීසයක් වූ ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගනයේ පහසු ජයක් ලබන්න දකුණු අප්‍රිකාව සමත්වුනා. ඒ කඩුලු 8 කින් සහ පන්දුවාර 11 ක් ඉතිරිව තිබියදී.

විශ්ව ලකුණු 14 දී පළමු කඩුල්ල ලෙස හෙන්ද්‍රික්ස් දවා ගත් අතර එයින් තරගයට ලංකාව අවතීර්ණ වුවා. නමුත් මුළු ලකුණු සංක්‍යාව 57දී පමණ වන විට තිසරගේ පන්දුවකට සදකැන් වෙත උඩපන්දුවක් ලබා දුන් ප්ලේසිස්ගේ පහසු උඩපන්දුව අතහැරියා. එවිට ඔහු ලකුණු 37 පමණයි ලබා සිටියේ.

ඒ අවසරයෙන් යම් තරගයක් දීමට තිබු අවස්තාව සම්පුර්ණයෙන්ම ගිලිහි ගිය අතර ප්ලේසිස් නොදැවී 112 ලබාගන්නට සමත්වුනේ තම 11 වන ශතකය ලබා ගනිමින්. පන්දු 114 දී හතරේ පහර 15 සහ එක හයේ පහරක් එම ඉනිමට ඇතුලත්. උඩපන්දුව ගිලිහි යාම නිසා ලකුණු 136 ක සම්බන්ධයක් 2 වන කඩුල්ලට පැවැත්වූ කොක් සහ ප්ලේසිස් 2 වන කඩුල්ල ලෙස කොක් 81 කට දැවී ගියා.

ඒ ලකුණු 150 දී. ඒ වන විට ලංකාවෙන් තරගය සම්පුර්ණයෙන් ගිලිහි ගොස් තිබුණු අතර කණ්ඩායමේ උද්යෝගය උනන්දුවක් දක්නට ලැබුනේ නැ. කෙසේ වෙතත් තරගය ජයගන්නා තුරු ඩුසේන් හා ප්ලේසිස් දෙදෙනා ලකුණු 82 සම්බන්ධයක් පැවැත්වූ අතර ඩුසෙන් නොදැවී 32 ලබා ගත්තා. දනන්ජය 52 කට කඩුලු 1 සහ විශ්ව 43 ට කඩුල්ලක් ලබා ගත්තා.

විශේෂයෙන් පන්දු යැවීමේදී සදකැන් වසර 3ක් තිස්සේ කණ්ඩායමට වරින් වර පැමිණීම හා නොමැතිවීම පිළිබද ජාත්‍යන්තර විචාරකයන් කතා බහා කළා. අද දිනයේත් එතරම් හොද එල්ලයකින් ඔහු පන්දු යැවූ නැති අතර ඔහුට ලැබෙන අවස්ථා වලින් ඔහු ප්‍රයෝජන නොගැනීම පිළිබද රසල්ද අසතුටට පල කළා.

එසේම ටෙස්ට් කණ්ඩායමේ දුටු උද්යෝගය උනන්දුව මෙම කණ්ඩායමේ පැහැදිලිවම දක්නට ලැබුනේ නැ. අවසන් තරගාවලියේදී ඇතිවූ පුද්ගලික කෝන්තර අතහැර රට වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙස ක්‍රීඩා ඇමතිවරයා මුහුණට මුහුණ ජෙෂ්ටයන් සමග කතා කර තිබෙන බව කවුරුත් දන්නා කරුණක් වුවත් එය 100% ක් සාර්ථක වුවාද යන්න ඔවුනොවුන් විසින්ම රට වෙනුවෙන් තම හෘද සාක්ෂියෙන් විමසා ගත යුතුයි.

කෙසේ වෙතත් නායක මාලිංග අවසානයේදී පැවසුවේ සියල්ලගේම දස්කම් වල ප්‍රශ්නයක් නැ ආරම්භයේ සිට අවසානය වන තෙක් ඉනිමක් ගොඩ නැගීම පිළිබද ප්‍රශ්නයක් ඇති බවයි. මීලග තරගයේ එම වගකීම ක්‍රීඩකයන් හිතට ගෙන ක්‍රීඩා කල යුතු බව ඔහු පවසනවා. ශ්‍රී ලංකා ඉනිමේ වාර්තාව මෙසේයි.ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය ලබා පළමුව පන්දු යැවීමට දකුණු අප්‍රිකාව තීරණය කළා.

ඒ අනුව ලංකාව පන්දුවට පහර දීමට පැමිණිය අතර ආරම්භය සුභ එකක් වුයේ නැ. හතරේ පහර දෙකක් එල්ල කර ස්ථාවර වීමට උත්සහා කල දික්වැල්ල ලකුණු 13 දී දැවී ගියා. එසේම උපුල් තරංගත් හතරේ පහර දෙකක් එල්ල කර සිටියදී පා ඉන්නට පිටින් යන පන්දුවකට පහරක් එල්ල කිරීමට යාමේදී පිත්තේ යට අග්‍රයේ වැදී කඩුල්ලේ වැදී දැවී ගියා. නමුත් ඉන් අනතුරුව හොද සම්බන්ධයක් තබාගන්න මංගල තරගයට මුහුණ දුන් ඕෂධ හා කුසල් ජනිත් ලකුණු 76 ක හොද සම්බන්ධයක් පැවැත්වුවා.

කුසල් ජනිත්ට හොද පන්දුවක් තහිර්ගෙන් යොමුවූ නිසා කොක් අතට පිටත අග්‍රයේ වැදී උඩපන්දුවක් ලබා දුන්නා. ඔහු දැවී ගියේ ලකුණු 33 කට. ඉන් අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස්ගේ පහරකට ලකුණක් ලබා ගැනීමට ගොස් ඔහු අවාසනාවන්ත ලෙස දැවී ගියේ ලකුණු 49 කට. එයට හයේ පහර 2 සහ හතරේ පහර 5 ලබා ගත්තා. ඔහු දුවද්දී දැවී නොගියානම් ශතකයක් පවා ලබා ගැනීමට තරම් ස්ථාවරත්වයක ඔහු සිටි අතර ජාත්‍යන්තර හා දේශීය විචාරකයන් පවසා සිටියා.

ඔහු දැවී යන විට ලකුණු 101 ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව සදහන් වුවා. එම දැවී යාම ලංකා ඉනිමේ ප්‍රධානම හැරවුම් ලක්ෂයයි. එහෙත් ඉන් අනතුරුව පිටියට පැමිණි දනන්ජය හා කුසල් ලකුණු 94 ක හොද සම්බන්ධයක් පැවැත්වූ අතර ධනන්ජය ලකුණු 39 කට දැවී ගිය අතර ඔහු තහිර්ගේ ස්ටම්ප් කිරීමකට ලක්වූ අතර එය තරමක් මතබේදාත්මක තීරණයක් වුවා. එය සැකයේ වාසිය පිතිකරුට හිමිවිය යුතුයි යන්න විචාරකයන්ගේ මතය වනවා.

ඉන් අනතුරුව 210 දී කුසල් මෙන්ඩිස් තරමක් නොසැලකිලිමත් පහරකට ගිය මෙන්ඩිස් 60 ට දැවී ගියා. ඒ ඔහු ලබා ගත් 13 වන අර්ධ ශතකයයි. ඉන් අනතුරුව එක පිට එක කඩුලු වැටුන අතර අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 12 එකතු කරන්න මාලිංග හා විශ්ව සමත්වීම හැර අනෙක් කිසවකු සම්බන්ධයක් ගොඩ නැගුවේ නැ.

වරක ලකුණු 300 ක් 320 ක් දක්වා ලංකාව යාවි යන්න විචාරකයන්ගේ මතය වුවත් ඉම්රාන් තාහිර් ඉනිමේ වටිනාම කඩුලු 3 ක් හොදම අවස්තාවලදී ලබා ගැනීම ලංකාවට මේ ඉරණම අත්වීමට හේතු වුවා. තාහිර් පන්දුවාර 10 ට ලකුණු 26 යි කුසල් දෙදෙනා ධනංජය ඇතුළු කඩුලු 3 දවා ගත් අතර ඕෂධ දුවද්දී දැවී ගියේ ඔහුගේ පන්දුවාරයේ.

ඒ අනුව ලංකාවේ රිද්මය බිදහෙලු ක්‍රීඩකයා ඔහුයි. ඔහු පසුගිය ශ්‍රී ලංකා සියලු තරගාවලි පරාජයට හේතුව වුයේ මේ ක්‍රීඩකයයි. ලුන්ගි එන්ගිඩි කඩුලු 3 ලබා ගත්තා. මීලග තරගය ලබන බදාදා එනම් 6 වනදා දිවා රාත්‍රී තරගයක් ලෙස ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4.30 ට ආරම්භ වීමට නියමිතයි

About article14

Check Also

ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ බොහෝ ආයතන වල 2015 ට පෙර දක්නට ලැබුනේ රක්නා ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!