Breaking News
Home / දේශීය පුවත් / ලක්ෂ 300 ක් කළු සල්ලි සුදුකල වරදට මහින්දගේ පුත් නාමල් රාජපක්ෂ 16 දා සිට අධි චෝදනා 11 යටතේ නඩු විභාගයට

ලක්ෂ 300 ක් කළු සල්ලි සුදුකල වරදට මහින්දගේ පුත් නාමල් රාජපක්ෂ 16 දා සිට අධි චෝදනා 11 යටතේ නඩු විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 05 දෙනෙකු සහ ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහි නඩුව මේ මස 16 වනදා සිට විභාග කිරීමට අද, දින නියම කෙරුණා.

ඒ, මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මගින් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතට ගැනෙන වැරදි සිදුකළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සමාගම වෙනත් සමාගමක් සමඟ සිදුකළ ගණුදෙනුවකදී අයථා ලෙස රුපියල් මිලියන 30ක මුදලක් උපයා ගැනීම ඇතුළු අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

About lanka

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!