Breaking News
Home / දේශීය පුවත් / ලංකා සෙරමික් එකේ මාතලේ පතලේ අකාලේ මියයන සේවකයන් ගැන ලෝකේ මිල අධිකම කාර් එක ගත්ත ධම්මික පෙරේරාට කළමනාකාරවරයකු තැබූ පණිවිඩය

ලංකා සෙරමික් එකේ මාතලේ පතලේ අකාලේ මියයන සේවකයන් ගැන ලෝකේ මිල අධිකම කාර් එක ගත්ත ධම්මික පෙරේරාට කළමනාකාරවරයකු තැබූ පණිවිඩය

ධම්මික පෙරේරා මහත්තයා ලංකාවේ මිළ වැඩිම වාහනේ ගෙනල්ලලු. මම දැකපු පෝස්ට් එකක දැක්ක එතුමා හොස්පිටල් එකක වාට්ටු වගයක් හදන්න සල්ලි දීපු කතාවකුයි ඒ මනුස්සයෝ ඒවගේ දේවල් ප්‍රසිද්ධියේ කරන්නේ නෑ කියන කතාවකුයි. මේ කතාව ධම්මික පෙරේරා මහත්මයාගේ ලංකා සෙරමික් ආයතනයේ මාතලේ ඕවල කයිකාවල ෆෙල්ස්පා පතලේ සේවකයෝ ගැන.

මේ පෝස්ට් එක දැකල ලයික් වත් කොමෙන්ටවත් දාන්න නෙමේ එතුමාට මේක පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඒක කරන්න කියන ඉල්ලීමෙන් පටන් ගන්නේ. මොකද මේ දේවල් එතුමා දන්නවා වෙන්න බැහැ. ඒ තරම් ලොකු ව්‍යාපාරිකයෙක්ට සේරම ව්‍යාපාර සහ ඒවගේ සේවකයන් ගැන සොයන්න බැරි නිසා.

2017 අගෝස්තු 1 වෙනිදා ඉදන් තමා මම මාතලේ ඕවල ෆෙල්ස්පා පතලේ සහකාර නිෂ්පාදන කළමනාකරු විදියට පත්වුණේ. 2015 අගෝස්තු 03 ඉදන් අවුරුදු 2ක් කළුතර බෝල මැටි කම්හලේ විධායකවරයා විධියට වැඩ කරලා.

මාතලේ ෆෙල්ස්පා පතල කියන්නේ පෝසිලෙන් නිෂ්පාදනයට අත්‍යවශ්‍ය ඛනිජයක් සපයන ලංකාවේ ලොකුම පතලක්, අවුරුදු 40කට වඩා පරණයි.ඔය පතලේ වැඩ කරනව සේවකයෝ 27-30 ත් අතර ප්‍රමාණයක්. ඒ මිනිස්සු උදේ 6 ඉදන් හවස 5-5.30 වෙනකම් ගිනිගහන අව්වේ බෝර විදිනවා, වෙඩි දානවා, කුළුගෙඩි වලින් ගල් කඩනවා. අවුරුදු 30+ සේවක කාලයක් තියෙන සේවකයෝ 20කට වඩා ඉන්නවා.දවසට තුන් වතාවක් බෝර විදිනවා.

ලේන්සු වලින් මුණු වහගෙන. හරි හමන් ආරක්‍ෂිත උපාංග නැති නිසා. මේ මිනිස්සුන්ගේ මුලික වැටුප රු.13500/=. ඕටී, අනම් මනම් සේරම එක්ක පඩිය 17000ක් 18000ක් වගේ වෙන්නේ. ඒ මිනිස්සුන්ටත් ඉන්නේ ඔය කම්හල් කළමනාකරුවන්ට, විධායක නිලධාරීන්ට වගේම අහිංසක ළමයි තමා. ඒ ළමයි බඩ පිරෙන්න බත්කටක් කනවට හොඳ ඇදුමක් ඇඳගෙන පාසල් යනවා දකින්න ඒ අහිංසක මිනිස්සුත් ආසයි. ඒ පතලේ වැඩ කරන අසරණ අහිංසක මිනිස්සු බහුතරයකට ගල් කුඩු නිසා පෙනහැලි රෝග. අවුරුදු 55න් විශ්‍රාම යන සේවකයන් අවුරුදු 2ක් 3ක් ජීවත් වෙලා ලෙඩ වෙනවා හෝ මිය යනවා.

මේ මිනිස්සුන්ට සේෆ්ටි කියල කිසිම දෙයක් නැහැ. සාමාන්‍යධිකාරී, වගේම කලමනාකරවරුන්ට මේකේ කිසිම ගානක් නැහැ.මිනිස්සු මැරිලා හරි නිෂ්පාදනය එනවනම් එච්චරයි. හරි හමන් රක්ෂණ ආවරණයක්වත් මේ මිනිස්සුන්ට නැහැ. මම ගිහින් මේ ගැන කියල එවකට හිටි විධායක නිලධාරිවරයාට ලිපියක් මගින් දැනුම් දීල ආරක්ෂක උපකරණ ගැන විමසපුවම කිව්වේ අවුරුද්දට වෙන් කල සල්ලි ඉවරයි කියල.

ලෝකයේ වටිනාම කාර් එක හිමි කෝටිපති ධම්මික පෙරේරාගේ සමාජ සත්කාර දන්නවාද? පිළිකා රෝහලට ලදී ගේන කෝටි ගානක යන්ත්‍රය මෙන්න මෙතන ක්ලික් කරන්න

යන්ත්‍ර සුත්‍ර වලට තෙල ගහන්න වෙන්කළ සල්ලි ඉවරයි කියල නිෂ්පාදනය නොනවත්වන මේ වගේ ආයතනයක ඒ කතාව විහිළුවක්, එහෙම නැත්නම් ඒ ලොක්කන්ට යන්ත්‍ර සුත්‍ර තරමට මිනිස්සු වටින්නේ නැහැ. ඒ දෙකෙන් කොයික වෙතත් අන්තිමේ මම කෑගහපු නිසාම ඒ මිනිස්සුන්ට බූට් සහ ග්ලවුස් එව්වා. නමුත් මාස්ක් අනම් මනම් කිසි දෙයක් නැහැ.

ඒ සේවකයන් ඉල්ලීම් වගයක් ඉල්ලලා දීපු ලියුමක පින්තුරත් මම දැන් දානවා. මම ඉල්ලන්නේ මෙච්චරයි. ධම්මික පෙරේරා මහත්මය මේ අසරණ මිනිස්සු ගැන දැනගන්නකම් මේක ශෙයා කරන්න, ඒ මිනිස්සුන්ට ඉතුරු ජිවිත කාලේ හරි සතුටින් ඉන්න ලැබුනොත් ඒක අපිටත් ලොකු පිනක්.

 

 

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!