Breaking News
Home / දේශීය පුවත් / ලංකාව සමග අතිශය ලගින් ඇසුරු කල සුෂ්මා ස්වරාජ්ගේ වියෝව ගැන රනිල් ශෝක වෙයි

ලංකාව සමග අතිශය ලගින් ඇසුරු කල සුෂ්මා ස්වරාජ්ගේ වියෝව ගැන රනිල් ශෝක වෙයි

හිටපු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරියක වන සුෂ්මා ස්වරාජ් මහත්මියගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ශෝක පණිවුඩයක් යවා ඇත. සුෂ්මා ස්වරාජ් යනු දශක 4 ක කාලයක් ඉන්දියාවේ දේශපාලනයේ සිටි ඉහල පෙලේ දේශපාලකයෙක් වන අතර අගමැති දුරයට පවා තරග කිරීමට තරම් ඉදිරියෙන් සිටි කලක් දිල්ලියේ මහා ඇමතිවිද සිටි චරිතයකි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්වාගෙන යන ශක්තිමත් ද්විපාර්ශවික සබඳතා සඳහා මෙන්ම විවිධ බහුපාර්ශවීය සංසදයන්හි දී කලාපීය අභිමතාර්ථයන් ඉටුකරගැනීම කෙරෙහි සුෂ්මා ස්වරාජ් මහත්මිය දැක්වූ දැඩි උනන්දුව සහ කැපවීම ශ්‍රී ලාංකික ජන හදවත් තුළ සදා අනුස්මරණීය බව අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවුඩයෙන් දන්වා තිබේ.

පසුගිය කාල වකවානුවල, ස්වරාජ් මහත්මිය පෞද්ගලිකව හමුවීමට ලැබුණු විවිධ අවස්ථාවලදී ඇය, ශ්‍රී ලංකාවට ඉතාමත් ලබැදි මිතුරියක, අසල්වාසිනියක සහ ඥාතියෙකු ලෙස ප්‍රසන්න පෞරුෂයක් හිමි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් තමන්ට හඳුනාගැනීමට ලැබුණු බව පවසන අග්‍රාමාත්‍යවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වශයෙන් ඇයගේ ධූර කාලය තුළ දෙරට අතර පැවැති සබඳතා විශිෂ්ඨ ලෙස ඉහළ නැංවුණු බව එම පණිවුඩයේ සඳහන් කර ඇත.

තවද ඉන්දියාවේ ලඩක් ප්‍රදේශය වෙනමම ප්‍රාන්තයක් වශයෙන් නම් කිරීමට ඉන්දීය රජය විසින් ගත් පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත. වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ලඩක් ප්‍රාන්තයේ සියයට හැත්තෑවක බෞද්ධ ජනගහණයක් වෙසෙන නිසා, ඉන්දීය රජය ගත් මෙම අභ්‍යන්තර තීරණයත් සමග බෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බවය.

තමන් ලඩක් ප්‍රදේශයේ සංචාරය කර ඇති බැවින්, එහි සුන්දරත්වය හොදින් අත් විඳ ඇති බව පවසන වික්‍රමසිංහ මහතා එය සංචාරය කිරීමට සුදුසු සොඳුරු පළාතක් බව ද සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

About article14

Check Also

එජාපයෙන් ඩිල්දාස අලුතින් බෙර ගසා ගෝඨාට එක්වෙයි

අධිකරණ ඇමතිව සිට වසර 3 පමණ කිසිදු ක්‍රියාමාර්ගයක් රාජපක්ෂ වරු වෙනුවෙන් ගන්නට නොදුන්නායයි එජාපයෙන්ම චෝදනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!