Breaking News
Home / ක්‍රිඩා / ලංකාව ලෝක ශුරතාවේ අංක 3 ස්තානය රැකගයි. ස්මිත් හා කමින්ස් ඉදිරියෙන්

ලංකාව ලෝක ශුරතාවේ අංක 3 ස්තානය රැකගයි. ස්මිත් හා කමින්ස් ඉදිරියෙන්

තරග 5 කින් යුත් අලුබදුන තරගාවලිය 2 ට 2 ලෙස ජය පරාජයකින් තොරව නිම වුනා. එය ශ්‍රී ලංකාවට සෘජුව බලපාන්නේ ලෝක ටෙස්ට් ශුරතාවලියට මේ සියලු තරග අයත් වන නිසාවෙන්. මිට පෙර ටෙස්ට් තරගාවලියක් ලෝකයේ කොහේ පැවැත්වුවත් එතරම් ලෝකය අවධානය යොමු නොකලත් මේ වන විට දැඩි උනන්දුවක් සැම තරගාවලියක් කෙරෙම යොමුවී තිබෙනවා.

කුමා සංගක්කාර මහේල ජයවර්ධන ඇතුළු පිරිසක් යෝජනා කල නව වෙනස් කම් අනුව මෙම ශුරතාවලිය පැවැත්වෙන අතර එක තරගාවලියකට හිමිවන්නේ ප්‍රසාධ ලකුණු 120 ක් පමණයි. එසේම කණ්ඩායම් 2 ක් එක රටකට මුණ ගැහෙන්නේද නැ.

කෙසේ වෙතත් 5 වන අලුබදුන තරගය ලකුණු 135 කින් ජයගන්න එංගලන්තය සමත්වීම සමග ලංකාව මෙතෙක් 3 වන ස්ථානයේ රැදී සිටීම ආරක්ෂා වුනා. එංගලන්තය පළමුවෙන් පන්දුවට පහරදී ලකුණු 294 ක් ලබා ගත්තා. බට්ලර් 70 යි. රූට් 57 යි. මිචෙල් මාෂ් 46/5 යි.

පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව 225 යි. නැවත ස්මිත් 80 ක් ලබා ගත්තේ මේ තරගාවලියේ අති විශිෂ්ට පිතිකරණය පෙන්වමින්. අර්චර් 62/6 යි. දෙවැනි ඉනිමට එංගලන්තය 329 යි. ඩෙන්ලි 94 යි. ස්ටොක්ස් 67 යි. ලයන් 69/4 යි.

දෙවැනි ඉනිමට 398 ක ජයග්‍රාහි ඉලක්කයක් හබා ගිය කන්ගරුවන්ට ලබා අගනිමට හැකි වුයේ 263 පමණයි. මැතිව් වෙඩ් පමණක් හුදකලා ඉනිමක් ක්‍රීඩා කර 117 ලබා ගතත් එය ජයගැනීමට ප්‍රමාණවත් වුයේ නැ. බ්‍රෝඩ් හා ලීච් කඩුලු 4 බැගින් ලබා ගත්තා.

තරගයේ වීරයා ආර්චර් වන අතර තරගාවලි වීරයන් දෙදෙනක් නම් කළා. ඒ ස්මිත් හා ස්ටොක්ස්. කෙසේ වෙතත් මේ තරගාවලියේ තරග ප්‍රමාණය වැඩි වුවත් ලැබෙන්නේ ප්‍රසාද ලකුණු 120 පමණයි. එනිසා 2-2 වූ නිසා ලකුණු 56 බැගින් එංගලන්තය හා ඕස්ට්‍රේලියාව ලබා සිටිනවා.

ලෝක ටෙස්ට් ශුරතාවේ ශුරතාවේ වැඩිම ලකුණු ස්මිත් ලබා ඇති අතර ඉනිම් 7 ට ලකුණු 774 සාමාන්‍ය 110 ක් ද කමින්ස් ඉනිම් 10 ට කඩුලු 29 ක් සාමාන්‍ය 19 ද ලබා තිබෙනවා. ලංකාවෙන් දිමුත්ට 10 වන ස්ථානය හිමිවන්නේ ලකුණු 247 ලබා ගනිමින්.

ඉන්දියාව ලකුණු 160 සමග අංක 1 ද නවසීලන්තය හා ලංකාව 60 බැගින් ලබාගෙන පිළිවලින් අංක 2 හා 3 ද ඔස්ට්‍රේලියවා අංක 4 ද එංගලන්තය අංක 5 ද සිටිනවා.

කොදෙව්වන් මුහුණ දුන් තරග 2 ම පරාජයට පත්වී ඇති අතර දකුණු අප්‍රිකාව බංගලාදේශය හා පකිස්ථානය තවමත් ශුරතාවට ටෙස්ට් තරග ක්‍රීඩා කර නැ. එංගලන්තය අවසන් තරගය පරාජය වී කැන්ගරුවන් ජයගත්තානම් ලංකාව අංක 4 ට වැටෙන අතර ඕස්ට්‍ර්ලියව අංක 2 ට පැමිණීමට ඉඩ තිබුනා.

අප කලින් වාර්තාවක සදහන් කලාක් මෙන් මෙම තරගය එංගලන්තය ජයගත් නිසා ලංකාව හා නවසීලන්තයේ ස්ථාන ආරක්ෂා වුනා. මේ වසරේ පැවැත්වීමට නියමිත තරගාවලි අතර ලබන මස ඉන්දියාව හා දකුණු අප්‍රිකාව තරගාවලිය ඇති අතර තවද ඉන්දියාව හා බංගලිදේශ තරගාවලිය, ඕස්ට්‍ර්ලියා පකිස්තාන තරගාවලිය, ඕස්ට්‍ර්ලියා නවසිලන්ත හා එංගලන්ත නවසිලන්ත තරගාවලි වල තරග පැවැත්වීමට නියමිතයි.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!