Breaking News
Home / Video / ලංකාව යාන්තම් 2019 ලෝක කුසලානයේ එල්ලුන නිසා කැපුන කොදෙව්වෝ තේරිම් තරගාවලිය දෙවනත් කරමින් ලෝක කුසලානයට

ලංකාව යාන්තම් 2019 ලෝක කුසලානයේ එල්ලුන නිසා කැපුන කොදෙව්වෝ තේරිම් තරගාවලිය දෙවනත් කරමින් ලෝක කුසලානයට

2019 වසරේ ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ මෙවර ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේ හිදී පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හයදෙනාගෙ වටයේ පෙරමුණ ගනිමින්.

ඊයේ පැවති ස්කොට්ලන්තයට එරෙහි තරඟය ලකුණු 5 කින් ජයගනිමින් බටහිර කොදෙව් කණ්ඩායම සිය ලෝක කුසලාන සහභාගීත්වය තහවුරු කරගත්තා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලුදෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 198ක්.

කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ E Lewis හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමඟ ලකුණු 66 ක් රැස්කරගත්තා.

MN Samuels හතරේ පහර 4 ක් සමඟ ලකුණු 51 ක් රැස්කරගත්තා.

පන්දුයැවීමේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් වූ SM Sharif පන්දුවාර 9 කදී නිලකුණු පන්දුවාරයක් සමඟ කඩුලු 4 ක් උදුරාගත්තේ ලකුණු 27 ක් පමණක් ලබාදෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයේ ඉනිමේ පන්දු 35 යි පන්දු 2 ක් යොමුකර තිබියදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වූවා.

ඒ වනවිට ස්කොට්ලන්තය කඩුලු 5 ක් දැවී ලකුණු 125ක් රැස්කරගෙන සිටියා.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 5 කින් තරඟයේ ජය හිමිවූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටයි.

එම ජයග්‍රහණයත් සමඟ දෙවරක් ලෝක ශූරයන් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට යළිත් ලෝක කුසලානයක නව බලාපොරොත්තුවක් එක්වූවා.

මේ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු Brathwaite එල්ලකළ දැවැන්ත හයේ පහරක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා.

ඒ පන්දුව ක්‍රීඩා පිටියෙන් ඉවතට යාම හේතුවෙන්.

සියල්ලන් මවිත කරවූ එම පහර පහතින්

About lanka

Check Also

ලංකාව ලෝක ශුරතාවේ අංක 3 ස්තානය රැකගයි. ස්මිත් හා කමින්ස් ඉදිරියෙන්

තරග 5 කින් යුත් අලුබදුන තරගාවලිය 2 ට 2 ලෙස ජය පරාජයකින් තොරව නිම වුනා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!