Breaking News
Home / ක්‍රිඩා / ලංකාව මැච් එක දිනන්න හේතුව වුනේ උපුල් ලකුණු 11 දී දවා ගැනීමේ අවස්ථාව බුම්රා නිපන්දුවකින් අහිමිකර ගැනීම – පොතාස්

ලංකාව මැච් එක දිනන්න හේතුව වුනේ උපුල් ලකුණු 11 දී දවා ගැනීමේ අවස්ථාව බුම්රා නිපන්දුවකින් අහිමිකර ගැනීම – පොතාස්

දිල්ලි ටෙස්ට් තරගයේ දූෂිත වායුව ආග්‍රහනයෙන් අසනීප වී කණ්ඩායමේ සියල්ලගේ ඉල්ලීම මත අසනීපෙන් වුවත් ක්‍රීඩා කල සුරංගගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ 112 කට ඉන්දියාව දන ගැස්සුවා.

එහෙත් පිලිතුරු ඉනිම එතරම් ලේසි එකක් වුනේ නෑ. ඔවුන්ගේ පන්දු යවන්නනුත් දැඩි බලපෑමක් කරන්නට සමත්වුනා. ඒ ධනුෂ්කගේ අනුවන පහරෙන් කඩුල්ල පූජා කිරීමත් ලහිරු තිරිමාන්නගේ කඩුල්ලත් සමග. උපුල් ලකුනු 11 දි කඩුල්ල බිඳ වැටුනත් බුම්රාගේ සුපුරුදු නිපන්දු වලට කඩුළු ලබා ගැනීමේ නාටකය නිසා පිටියෙන් ඉවත්වූ උපුල් නැවත පැමිණ දිගට හරහට පහරවල් එල්ල කිරීමෙන් ලකුණු 49 ක් ලබා තරගය ඔවුන්ගෙන් ඈත්කලා. ඒත් ඒ අවස්ථාවේ උපුල් දැවී ගියානම් තරගය වෙනස්වන්නට ඉඩ තිබූ බවයි ශ්‍රී ලංකා පුහුණුකරු වගේම ඉන්දියන් මාධ්‍යත් පවසන්නේ.

මෙම සිද්දියම ශූරයන්ගේ කුසලානයේ පකිස්තානයේ ෆකර් සමාන් බුම්රාගේ නිපන්දුවකට දැවී ගොස් ඔහු අවසන් කලේ ලකුණු 114 කින් එය ඔවුන්ගේ පරාජයට හේතුවූ බවට දැඩි විවේචන එල්ල වූවා. ඊයේ(10) පරාජයටත් ඔවුන් බුම්රාගේ පතුරු හරිනවා.

ලංකාවේ වැඩ බලන පුහුණුකරු පොතාස් මෙසේ පවසනවා. ” මම තරගයේ ප්‍රභල අවස්ථා දෙකක් දකිනවා ඒ කාසියේ වාසිය අනෙක උපුල් මුලු ලකුණු 15 ව තිබියදි නිපන්දුවකට දැවී ගොස් නැවත පැමිණ 49 ක් ගැසීම.”

තරංග 2017 වසරේ ලංකාවෙ සාර්ථකම පිතිකරු. ලකුණු 900 ට වඩා ලබා සිටින ඔහු සාමාන්‍ය 47 ක්.

එසේම නායක ශර්මා මාධ්‍යට පැවසුවේ පන්දු යවන්නන්ට චෝදනා කරන එක සාධාරණ නොවන බවයි. එය පිතිකරුවන්ගේ අඩුපාඩුව බවත් තව ලකුනු 70 ක් 80 ක් ලබා ගත්තානම් දැඩි අභියෝගයක් දීමට පන්දු යවන්නන්ට හැකි වන බවත් පවසනවා.

පොතාස් තවදුරටත් පවසන්නේ සුරංග ලෝක මට්ටමේ පන්දු යවන්නකු බවයි. ඔහුගේ ජීවිතකාලයම ඔහු වැඩි පුර පන්දු යවා ඇත්තේ වියලි තනතිලි වල බවත් ඔහුට කොල පැහැති වේග තනතිලි තිබුනානන් ඔහු මීට වඩා දෙයක් දැනටත් කර අවසන් බවත් පොතාස් පවසනවා.

තවද මේ වසරේ එක්දින තරග හොඳින් නොකල අතර ඇන්ජලෝ නැවත කණ්ඩායමට පැමින පන්දු යැවීම කොයිතරම් වැදගත්ද යන්න හොඳින් පෙනුන බවද පොතාස් පැහැදිලි කරනවා. ඔහු සීයට සීයක් තවම ෆිට් නැතිබවයි පුහුණුකරු පවසන්නේ.

Cricklanka.com

About article14

Check Also

ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා පාලනය ගිලිහෙමින් යනවලු කොළඹ අහබු පරීක්ෂාවකින් ආසාදිතයින් 937 ක් හොයාගෙන

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා වෛරස පාලනය සෞඛ්‍ය අංශ වලින් ගිලිහෙමින් අති බව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!