Breaking News
Home / ක්‍රිඩා / ලංකාව පිටරටින් දග පන්දු පුහුණුකරුවන් ගෙනෙද්දී හයිද්‍රාබාද් කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු මුරලිගේ පන්දු යවන්නන් තරගාවලියේ හොදම බලඇණිය වෙයි

ලංකාව පිටරටින් දග පන්දු පුහුණුකරුවන් ගෙනෙද්දී හයිද්‍රාබාද් කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු මුරලිගේ පන්දු යවන්නන් තරගාවලියේ හොදම බලඇණිය වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 25 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී ඊයේ පැවති තරගයෙන් ලකුණු 13ක ජයක් හිමිකරගැනීමට සන්රයිසස් හයිද‍්‍රාබාද් කණ්ඩායම සමත්විය.තරඟය පන්දු යවන්නන්ගේ හැකියාවන් වැඩි පුර ඉස්මතු වූ තරඟයක් ලෙස අවසන් විය.

කාසියේ වාසිය දිනූ කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමේ නායක රවිචන්ද්‍රන් අශ්වින් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 132 ක් පමණය.පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරතවූ අන්කිට් රාජ්පුත් සන්රයිසස් කණ්ඩායමේ බිඳ වැටුණ කඩුලු 6 න් 5 කටම හිමිකම් කීවේ සිය පන්දුවාර 4 ලකුණු 14 කට සීමා කරමිනි.

සන්රයිසස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ මනීෂ් පාණ්ඬේ පන්දු 51 කදී හයේ සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 54 ක් රැස්කළේය. සකීබ් අල් හසන් ලකුණු 28 ක්ද, යූසෆ් පතාන් ලකුණු 21 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දැඩි උත්සාහයක් දරන ආකාරය දැකගත හැකි විය.


ජයග‍්‍රහණය සදහා ලකුනු 132ක බැලු බැල්මට පහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පංජාබ් ක‍්‍රිඩකයින්ට මුරලිදරන් පුහුණුකාරීත්වය දරන සන්රයිසස් පන්දු යවන්නන් ඉදිරියේ ලබාගත හැකි වුයේ සියලු දෙනා දැවී ලකුණු 119ක් පමණි.මුරලි තරඟාවලිය ආරම්භයේ පැවසු ආකාරයටම සංරයිසස් පන්දු බලකාය IPL තරඟාවලියේ වඩාත් සටන් කාමීම පන්දු යවන බලකාය බවට පත්වෙමින් තිබෙන ආකාරය මේ තරඟයේදීත් දැකගත හැකි විය.

තරඟාවලියේ මේ දක්වා පැවති තරඟවල සංරයිසස් පන්දු යවන්නන්ගේ සටන්කාමී පන්දු යැවීමට ලෝකයේ බිහිවූ සටන්කාමීම පන්දු යවන්නෙකු වන සංරයිසස් පන්දු යැවීමේ පුහුණුකරු මුත්තයියා මුරලිදරන්ගෙන් ලැබෙන දායකත්වයට දැඩිව බලපෑම් කර ඇති බව දක්නට ලැබෙන අතර මෙවන් සම්පතක් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමට විදෙස් පුහුණුකරුවන් සෙවීම පුදුමයට කරුණකි.

Image result for muttiah muralitharan sunrisers hyderabad

ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක සම්බන්ධතාවක් ගොඩනැගීමට තරඟාවලියේ අනතුරු දායකම ආරම්භක පිතිකරුවන් දෙදෙනා බවට මේ වන විට පත්වී ඇති ලොකේෂ් රාහුල් (32) හා ක‍්‍රිස් ගේල්(23) සමත්වූවත් මැද පෙළ පිතිකරුවන්ගේ අලස පිතිහරඹය හේතුවෙන් පන්දුවාර 19.2ක් තුළ සියලු ක‍්‍රිඩකයින් දැවී ගියේ ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 13ක් අඩුවෙන් තිබියදීය.

පන්දුයැවීමෙදී සන්රයිසස් පිළ වෙනුවෙන් අවසාන වතාවට පන්ජාබ් කණ්ඩායම හමුවේ දැඩි ප්‍රහාරයකට ලක් වුන රශීඩ් ඛාන් මෙම තරඟයේදී සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19කට කඩුලු 03ක් දවාගැනිමට සමත්වූ අතර සකීබ් අල් හසන්,බැසිල් තම්පි හා සන්දීප් ශර්මා කඩුලු 02බැගින් දවා ගැනිමට සමත්විය.තරඟයේ වීරයා සම්මානය අන්කිට් රාජ්පුට් ට හිමි විය.

About article14

Check Also

ජනවාරි ඉදන් පඩි නැ බේත් නැ සමෘධි නැ ඒක දැනගෙනත් ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන් මේක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

ඇයි මහින්ද පැරදී පැරදී දැන දැන බලෙන්මේ ක අල්ලන් ඉන්නේ – අනුරගේ හෙලිකිරීම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!