Breaking News
Home / ක්‍රිඩා / ලංකාව තවත් ලකුණු 221 ක් කඩුලු 7 ක් අතැතිව ජයග්‍රහණයට පසු පසින් කුසල් මෙන්ඩිස් බිංදුවයි. ඕෂද සහ කුසල් ජනිත්ගෙන් දෙවන ඉනිමේත් සටනක්

ලංකාව තවත් ලකුණු 221 ක් කඩුලු 7 ක් අතැතිව ජයග්‍රහණයට පසු පසින් කුසල් මෙන්ඩිස් බිංදුවයි. ඕෂද සහ කුසල් ජනිත්ගෙන් දෙවන ඉනිමේත් සටනක්

දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ලංකාව ලකුණු 83/3 යි. හොද ආරම්භයක් ලබා දුන් දිමුත් සහ තිරිමාන්න ලකුණු 42 ක් ලබා සිටියදී තිරිමාන්න ලකුණු 21 ට දැවී ගියා. ඉන් අනතුරුව පන්දු 4 කට පසු දිමුත් ලකුණු 20 ට දැවී ගියා. එසේම නැවතත් අසාර්ථක වූ පුහුණුකරු හතුරුසිංහගේ ප්‍රියතමයා වන කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට ගියා.

ඔහු පළමු ඉනිමේ ලබා ගත්තේ ලකුණු 12 පමණයි. මංගල තරගය ක්‍රීඩා කරන ඕෂද ප්‍රනාන්දු ලකුණු 28 ක් ලබා නොදැවිද පළමු ඉනිමේ අර්ධ ශතකයක් ලබාගෙන වැඩිම ලකුණු ලාබියා වූ කුසල් ජනිත් නොදැවී ලකුණු 12 ක් ද ලබා සිටිනවා. හෙට තරගයේ 4 වන දිනය වන අතර මෙම තරගයේ තීරණයක් හෙට දිනයේදී අනිවාර්යෙන් ලැබෙනු ඇති. දකුණු අප්‍රිකාව දෙවන දිනය අවසානයේ ලකුණු 170 ක් ඉදිරියෙන් සිටිමින් දිනය නිමා කල තිබ්බේ.

ඒ 126/4 ලෙසින්. කෙසේවෙතත් අද දිනයේ තවත් ලකුණු 133 ක් ලබාගනිද්දී සියල්ල දැවී ගියා. කෙසේ වෙතත් අවසානයේ ලංකාවට 304 ක ඉලක්කයක් ජයගැනීමට අවශ්‍යයි. අද තරගයේ 3 වන දිනය වන අතර අනිවරෙන් මෙම තරගයට ප්‍රතිපලයක් ලැබෙනු ඇති. විශේෂම කාරණය වන්නේ ද අප්‍රිකා ඉනිමේ කඩුලු 5 ක් දවාගන්න මංගල තරගයට සහභාගිවන ලසිත් අබුල්දෙනිය සමත් වීමයි. ලංකාවේ පළමු පෙළ තරග වල ඉදිරියෙන්ම කඩුලු ගත් ක්‍රීඩකයා ලෙස දිල්රුවන් පෙරේරාගේ අවස්තාව ලබා දුන්නේ අබුල්දෙනියටයි.

මේ ඉනිමේ 66 කට කඩුලු 5 ක් ලබා ගත් අතර මංගල තරගයෙන්ම කඩුලු 5 ලබාගත් 4 වන ශ්‍රී ලාංකිකයද වනවා. මිට පෙර කෝසල කුරුප්පුආරච්චි උපුල් චන්දන සහ අකිල ධනංජය එම දස්කම කර තිබෙනවා. අබුල්දෙනිය මුළු තරගයේම ලකුණු 117 කට කඩුලු 6 ක් ලබාගෙන තිබෙනවා. කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමට කොලබ රාජකීය විද්‍යාලයෙන් ක්‍රීඩකයකු පැමිණීමද විශේෂත්වයක්. එමෙන්ම විශ්ව ප්‍රනාන්දු ඉනිම් දෙකේදීම කඩුලු 4 බැගින් කඩුලු 8 ක් ලබාගෙන තිබෙනවා.

දෙවන ඉන්මේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කල නායක ප්ලේසිස් ලකුණු 90 ක් ද නැවත ඩි කොක් ලකුණු 55 ක් ද ලබා ගත්තා. කණ්ඩායමේ සිටින පළපුරුදුම පන්දු යවන්නා වන ලක්මාල්ට මෙම ඉනිමේ එකදු කඩුල්ලක්වත් නොලැබීම විශේෂත්වයක්. පළමු ඉනිමේ එක කඩුල්ලක් පමණක් ලැබූ අතර ඔහු පන්දුවාර 34 ක් තරගය පුරා යවා තිබෙනවා.

ශ්‍රී ලංකාව ඉක්මනින් ලකුණු 304 ලබා ගැනීම සිදු කල යුතු අතර එසේ නොවුවොත් තවත් දින 2 ක් සම්පුර්ණයෙන් ඉතිරිව තිබෙන නිසා පරාජයකින් බේරීමට ලංකාවට කිසි සේත්ම නොහැකි වේවි. ලංකාවට මෙම තරගය ජයගැනීමට තවත් ලකුණු 221 ක් අවශ්‍ය අතර ද අප්‍රිකාවට මෙම තරගය ජයගැනීමට කඩුලු 7ක් අවශ්‍යයි.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!