Breaking News
Home / ක්‍රිඩා / ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවකට කඩා වැටෙන්න යද්දී ඉනිම ගොඩ දැමු ධනාගේ 5 වන ශතකය

ලංකාව අඩු ලකුණු සංඛ්‍යාවකට කඩා වැටෙන්න යද්දී ඉනිම ගොඩ දැමු ධනාගේ 5 වන ශතකය

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අදයි. දිවා අහාරය වන විට නවසීලන්තය කිසිවකු නොදැවී එක ලකුණක් ලබා සිටිනවා. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ දිනයේද තරගයට බාධා එල්ල වුණා. ඊයේ සහ පෙරේදා යන දින දෙකේදී කි‍්‍රයාත්මක කිරීමට හැකිව ඇත්තේ පන්දුවාර 66 ක් පමණයි.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 6 ක් දැවී ලකුණු 144 ක් රැස් කර ගෙන සිටියා. නොදැවි කඩුල්ලේ රැදි සිටි ධනංජය ද සිල්වා ලකුණු 32 ක් ලබා සිටි අතර දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 5 ක් රැස්කර ගෙන සිටියා. එහෙත් අද උදැසන පිටියට පැමිණි ධනංජය තරමක් වේගයෙන් ලකුණු රැස්කරනවා අප දුටුවා.

දිල්රුවන් සහ ධනංජය එකතුව 7 වන කඩුල්ලට අනගි ලකුණු 41 ක් එක කල අතර අද උදැසන පළමු කඩුල්ල ලෙස දිල්රුවන් ලකුණු 13 ට දැවී ගියා. ඒ අතරතුර ධනන්ජය තම අර්ධ ශතකය ලබා ගත් අතර ඔහු දැවී යන විට ධන්ජය ලකුණු 66 ලබා සිටියා. කෙසේ වෙතත් නැවත සුරංගගෙන් අනගි සහයක් ලැබුණු අතර ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය ලකුණු 43 ක්.

ලක්මාල් ලකුණු 10 කට දැවී ගිය අතර අබුල්දෙනිය ලකුණු නොලබාම දැවී ගියා. කෙසේ වෙතත් අවසන් කඩුල්ල ලෙස ලහිරු කුමාර පැමිණි අතර ඒ වන විට ධන්ජය ශතකය අභියස සිටි අතර ලකුණු 94 ලබා අවිනිශ්චිතව සිටියත් ලහිරු තම විකට්ටුව ආරක්ෂා කර දුන්නේ ධන්න්ජයට 5 වන ශතකය ලබා ගැනීමට ඉඩ දීමටයි.

අනගි ශතකයක් ලබා ගත් ධනංජය තරගාවලියේ පළමු හා දැනට එකම ශතකය ලබා ගත් අතර ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජය පැරදුමෙන් තොර කරන්නට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කල් පසු ක්‍රීඩා කල සටන්කාමි ඉනිම මෙයද වනවා.

ටෙස්ට් තරග 26 ට සහබාගි වී ශතක 5 ක හා අර්ධ ශතක 4 ක් ලබා ඇති ධනංජය විකට් 18 ද ලබා සිටිනවා. නායක දිමුත් 65 ද කුසල් මෙන්ඩිස් 32 ද ලබා ගත්තා. පන්දු යැවීමේදී අවසන් කඩුලු කීපය සවුති ලබාගත් අතර ඔහු කඩුලු 4 ද බෝල්ට් කඩුලු 3 ද ලබා ගත්තා. ගාල්ලේ මෙන් නොව සරා ක්‍රීඩාංගනයේ වේග පන්දු යවන්නන්ට තරමක් වාසි දායක එකක් වන අතර එහෙත් අවසන් දින කිහිපය දග පන්දු යවන්නන්ට සුභ දායක වීම මෙම පිටියේ හැසිරීමයි.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!