Breaking News
Home / ක්‍රිඩා / ලංකාවේ 2015 පෙර තිබු ක්‍රිකට් වල විනය හා උසස් හැසිරීම පෙන්වමින් මුම්බායි පුහුණුකරු මහේල තම ශ්‍රී ලාංකික සගයා ලෝක පුජිත මාලිංගට දඩුවමක් දෙයි

ලංකාවේ 2015 පෙර තිබු ක්‍රිකට් වල විනය හා උසස් හැසිරීම පෙන්වමින් මුම්බායි පුහුණුකරු මහේල තම ශ්‍රී ලාංකික සගයා ලෝක පුජිත මාලිංගට දඩුවමක් දෙයි

නියමිත කණ්ඩායම් ජර්සියෙන් සැරසි නොසිටිමේ චෝදනාවට වැරදිකරු විම හේතුවෙන් ශ‍්‍රි ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම දඬුවමක් පනවා තිබෙනවා. ඒ ‘‘ඉමෝජි කලිසමක්” හෙවත් හාස්‍යජනක රූප ඇතුළත් කලිසමක් ඇඳීමට සැලැස්වීමෙන්.

මෙවර ඉන්දියානු ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදි මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබන ලසිත් මාලිංග ඇතුළු තවත් ක‍්‍රිඩකයින් කිහිපදෙනෙකුට ඊයේ දිනය පුරා මෙම ”ඉමෝජි ජයාරූප සටහන්ව තිබෙන කලිසම්” ඇද සිටිමට සිදුව ඇති බවයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුමේ සටහන්ව ඇත්තේ. මාලිංග සුදුසු ජර්සිය අදාළ වැඩසටහනට ඇදගෙන නොඑම නිසා මෙම දඩුවම ලැබී තිබෙනවා.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරනු ලබන මහේල ජයවර්ධන විසින් පසුගිය වසරේ සිට මෙම ”ඉමෝජි කලිසම” ඇදිමේ දඩුවම හදුන්වා දුන්නා. ඒ නියමිත වේලාවට කටයුතු කිරිමේ යහපත් පුරුද්ද ඇති කිරිමේ අරමුණ පෙරදැරි කරගෙනයි. ඊට අමතරව කණ්ඩායම තුළ සිදු කෙරෙන තවත් වැරදි කිහිපයක් නිවැරදි කිරීමට ද එම දඬුවම කි‍්‍රයාත්මක වනවා.

මීට පෙර පසුගිය වසරේ තරගාවලිය අතරවාරයේදි මුම්බායි ඉන්ඩියන්ස් නායක රෝහිත් ෂර්මාට පවා මෙම දඩුවමට යටත්විමට සිදුවුණා. කණ්ඩායම් රැස්වීමට ප‍්‍රමාද වී සහභාගි වූ යුවරාජ් සිංට කණ්ඩායමේ වැඩසටහනක් සදහා කල්වේලා ඇතුව සහභාගි නොවු කිරාන් පෝලාර්ඞ් සහ කුවින්ටන් ඩි කොක් ඇතුළු මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ක‍්‍රිඩකයින් කිහිප දෙනෙකුටම එම දඩුවමට යටත්විමට ඊයේ(19) දිනයේ සිදුවු බවයි වාර්තා වන්නේ.

කණ්ඩායමක් හෝ ආයතනයක් හෝ ඕනෑම සමුහයක් වූ විට එහි විනයක් තිබිය යුතු අතර විනය රීති වැනි දේ බාවිත නොකරනවානම් එහි කිසිදු සාර්ථකත්වයක් ලබන්නේ නැත. අතීතයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිබු විනය පිළිබද මෙයින් හොදින්ම වැටහීමක් ගත හැකි වන්නේ පුහුණුකරු මහේල ජයවර්ධන විසින් පුහුනුකරිත්වය ලැබූ පසු මෙය ක්‍රියාත්මක කිරීම හා අනෙක් කන්දයම්ම් මෙවැනි දේ සිදු කරන බවක් පෙනෙන්නට නැති නිසයි.

1994 – 2015 ඒ යුගයේ ක්‍රිකට් වලින් ලොව හෙල්ලිමට හැකිවීමත් අද වන විට කණ්ඩායම දියාරු වීමටත් හේතුව විනයක් හා හැදියාවක් නැති බව යන්න මෙයින් තවත් පැහැදිලි වෙයි.

About article14

Check Also

පාන් පිටි මිල වැඩි කිරීම යට මංගලගේ කුමන්ත්‍රණයක් දැයි සැකයක්

තිරිගු පිටි මිල එකවර රුපියල් 8 කින් වැඩිවීම සිදුවූවේ ජීවන වියදම් කමිටුවේ ප්‍රමාදයකින් දැයි සොයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!