Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ ෂරියා විශ්ව විද්‍යාල බැ යයි අගමැති කියද්දී මේ විශ්ව විද්‍යාලය රජයට ගන්න බැ සිරිසේනගේ ආණ්ඩුකාර හිස්බුල්ලා කියයි

ලංකාවේ ෂරියා විශ්ව විද්‍යාල බැ යයි අගමැති කියද්දී මේ විශ්ව විද්‍යාලය රජයට ගන්න බැ සිරිසේනගේ ආණ්ඩුකාර හිස්බුල්ලා කියයි

මෙරටට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

මද්‍රසා ඇතුලූ ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තව දුරටත් නීතිපති දෙපාර්තමේන්තුව හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සංශෝධිත පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ මද්‍රසා ඇතුළු ඉස්ලාම් අධ්‍යාපන ආයතන පාලනය කිරීමේ කෙටුම්පත පිළිබඳව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සමඟ (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමිනි.

“මෙරටට ශරියා විශ්ව විද්‍යාල අවශ්‍ය නොවන බව මම මෙහිදී අවධාරණය කළා. එම නිසා විශ්ව විද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරනු ලබන ආයතන සියලු දෙනාටම විවෘත විය යුතුයි. සියලු දෙනාටම අධ්‍යාපනය ලබා ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන වෙනත් කොන්දේසි ද ඊට ඇතුළත් කිරීමට කටයුතු කරනවා. ඒ අනුව සෑම ආගමකම, සෑම ජාතියකටම විවෘත කර නිසි පාලනයක් ඇතිව පවත්වා ගෙන යාමට හැකි තත්ත්වයක් ඇති කරනවා.”

එහෙත් ඊයේ දිනයේම මෙම විශ්ව විදායලය නැරබීමට ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලා හා මාධ්‍ය ගියත් මෙම විශ්ව විද්‍යාලයේ සභාපති වන සිරිසේන පත්කළ ආණ්ඩුකාර හිස්බුල්ලා ඇතුල් වීමට ඉඩ නොදුන් අතර පසුව විරෝධයක්ද එල්ල වුනා. එසේම හිස්බුල්ලා පැවසුවේ මෙම විශ්ව විද්‍යාලය රජයට පවරාගැනීමට නොහැකි බවයි.

එසේම මාධ්‍යම ආණ්ඩුකාර සිරිසේනගේ උපදේශක මෛත්‍රී ගුණරතන සාන්ත අන්තෝනි විද්‍යාලයේ දෙමව්පියන්ට හා විදුහල්පතිට දොස් පවරා තිබුනා. ඒ එම පාසලට එන මුස්ලිම් ජාතික ගුරුවරියන් 15 ගෙන් 11 සාරි ඇදගෙන ඒමට එකග වී ඇති අතර අනෙක් 4 දෙනා එය ප්‍රතික්ෂේප කර ඔවුන්ගේ සම්ප්‍රදායික ඇදුම් ඇදගෙන ඒමත් සමගයි.

එය විදුහල්පති හා දෙමව්පියන් ආණ්ඩුකාරයාට පැවසීමට පෙර මෙම කාන්තාවන් ගොස් පැමිණිලි කිරීමෙන් ගුණරතන විදුහල්පතිට දොස් පවරා ඇත්තේ සාරි ඇදගෙන එන්නයි බලපෑම් නොකරන ලෙසයි. මෙම මෛත්‍රී ගුණරතන තවහික් ජමාත් කණ්ඩායමක නීතිඥයා ලෙසද කටයුතු කරන පුද්ගලයෙක්.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!