Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ වැඩියෙන්ම වැටෙන්න ගහලා අසිහියෙන් ජීවිතේ ගෙවන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. ගන්න තීරනත් අසිහියෙන්

ලංකාවේ වැඩියෙන්ම වැටෙන්න ගහලා අසිහියෙන් ජීවිතේ ගෙවන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ. ගන්න තීරනත් අසිහියෙන්

රත්නපුර දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගෙන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 17 ම ආවරණය වන පරිදි කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු වාර්තා අනුව හෙළිවූයේ මසකට මත්ද්‍රව්‍ය වෙනුවෙන් රුපියල් කෝටි 390 ක්‌ පමණ වැයකරන බවයි. මේ බව ප්‍රකාශ කළේ රත්නපුර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු රැස්‌වීමක්‌ අමතමින් දිස්‌ත්‍රික්‌ ලේකම් ලොකුපෝතාගම මහත්මි යයි.

මේ සංඛ්‍යා ලේඛන ලබාගෙන ඇත්තේ නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය විකුණන ස්‌ථාන ඇසුරිණි. ජනාධිපතිවරයා මේ වන විට දැවැන්ත මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්‌ දියත් කර ඇත. මේ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන පූර්ණ සහාය දිය යුතුයි. පාසල් දරුවන් අතරටද අද විවිධ මත්ද්‍රව්‍ය ගොස්‌ ඇති බව වාර්තා වෙනවා. අප අපේ ජනතාවත්, දරුවනුත් මතින් බේරාගත යුතුයි. දිස්‌ත්‍රික්‌කය පුරා මෙවැනි වැඩසටහන් ව්‍යාප්ත කරමින් මේවායේ ආදීනව ජනතාවට කියා දිය යුතු යෑයි ඇය පැවසුවාය.

එසේම කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 33 මුල් කරගෙන කරන ලද සමීක්‌ෂණයකින්ද හෙළිවී ඇත්තේ කලවානේ මත්ලෝලීන් රුපියල් හැටපන් ලක්‌ෂයකට ආසන්න මුදලක්‌ මාසිකව වැය කරන බවයි.

කලවාන කොට්‌ඨාසයේ පවුල්වලින් 80% ක්‌ කුමන හෝ මත්ද්‍රව්‍යයක පාවිච්චි කරන බව හෙළි වී තිබේ.

ඒ අනුව දුම්පානය කරන පවුල් 3515 ද මද්‍යසාර සඳහා පවුල් 5662 ද, නීති විරෝධී මත්ද්‍රව්‍ය සඳහා පවුල් 291ක්‌ ද නීති විරෝධී මද්‍යසාර සඳහා පවුල් 3585 ක්‌ ද දත්ත වාර්තා වී තිබේ යෑයි කලවාන ප්‍රාදේශීය ලේකම් උදයකුමාරි මෙනවිය පැවසුවාය. කඩිනමින් පොලිසිය, ප්‍රජා පොලිස්‌ කමිටුව, ස්‌වෙච්ඡා සංවිධාන හරහා ජනතාව මතින් මුදවා ගැනීමටත් කටයුතු කළ යුතු බව ද ඇය කීවාය.



About lanka

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!