Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ වනාන්තරයක සැපට නිදහසේ හිටපු සද්ධන්තයා “මාලි” වසර 35 ක් කොන්ක්‍රීට් උද්‍යානයක දුක් විඳින සංවේදි කථාව

ලංකාවේ වනාන්තරයක සැපට නිදහසේ හිටපු සද්ධන්තයා “මාලි” වසර 35 ක් කොන්ක්‍රීට් උද්‍යානයක දුක් විඳින සංවේදි කථාව

ශ්‍රී ලංකාවේ කැලෑවක උපන් මාලි නමැති අලියා පිලිපීනයේ මැනිලා නුවර සත්වෝද්‍යානයක දුක්‌විඳීමේ සිද්ධියක්‌ අනාවරණය වේ.

43 හැවිරිදි වියේ පසුවන මාලි දැන් මැනිලා සත්වෝද්‍යානයේ කොන්ක්‍රීට්‌ අංගනයකට මැදි වී සිටී. 1977 දී ශ්‍රී ලංකාව විසින් පිලිපීනයට ලබාදුන් මාලි අද ජීවත්වන්නේ තනිවම බව තවදුරටත් හෙළි වී ඇත.

වසර 35 ක්‌ තිස්‌සේ කැලෑවක්‌ නොදැක ජීවත් වන මාලි අභයභූමියකට යවන ලෙස පිලිපීනයේ සත්ව අවිහිංසාවාදීන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.

මාලි දිගු වේලාවක්‌ කොන්ක්‍රීට්‌ අංගනයේ සිටගෙන සිටීමෙන් ඇගේ පාදවල ආබාධ ඇතිවී තිබෙන බව ඔවුහු හෙළි කර ඇත.

පිලිපීනයේ අභයභූමි නැති අතර තායිලන්තයේ ඇති අභයභූමියකට ඇය යවන ලෙසද එරට සත්ව අවිහිංසාවාදීන් ඉල්ලා තිබේ.

මාලි බේරා ගන්නා ලෙස සත්ව අවිහිංසාවාදීන් සමග පිලිපීන ජාතිකයන් 120000 ක්‌ පෙත්සමකට අත්සන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පාලකයන් විසින් විසින් අලි ඇතුන් වෙනත් රටවලට පරිත්‍යාග කිරීම නතර කළ යුතු කාලය එළැඹී ඇති බව මාලිගේ ශෝචනීය සිද්ධියෙන් පිළිබිඹු වේ.

 

About lanka

Check Also

ලක්ෂ 5 සිට 60 දක්වා මුදල් අරගෙන නඩු තීන්දු වෙනස් කරන්න කටයුතු කලා යයි අල්ලස් එකෙන් අල්ලපු අපේ රටේ විනිසුරුවරු

පසුගිය ආණ්ඩුව සහ එහි විධායකය අධිකරණය හා කටයුතු කළ ආකාරය පුන පුනා කිවමනා නොවේ. නව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!