Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවෝ විසින් මෘදුකාංග හදලා ලංකාවේ සිට පාලනය කරන ලන්ඩන් කොටස් වෙළදපලේ ප්‍රධානියා රනිල්ට ලංකාව ගැන ඇගයීමක්

ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවෝ විසින් මෘදුකාංග හදලා ලංකාවේ සිට පාලනය කරන ලන්ඩන් කොටස් වෙළදපලේ ප්‍රධානියා රනිල්ට ලංකාව ගැන ඇගයීමක්

ගෝලීය දේශීය ස්වාභාවික ව්‍යසනයන් හමුවේ ලංකාව ආර්ථික සංවර්ධනයට ශක්තිමත් පදනමක් සාදා ගැනීම හා ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සදහා ලන්ඩන් කොටස් වෙළදපල සුදානම් බවත් ලන්ඩන් කොටස් වෙළදපල ප්‍රධාන විධායක නිලධාරි ඩේවිඩ් ශිවිමර් පවසනවා.

ඔහු මේ අදහස් දක්වා තිබෙන්නේ ලන්ඩන් කොටස් වෙළදපල ආරම්භ කිරීමේ උත්සවයට ලංකාවේ අගමැතිවරයා සහභාගිවූ(8) අවස්ථාවේදී. නොර්වේ සංචාරයෙන් පසු අගමැති රනිල් මේ වන විට නිල සංචාරයක් සදහා එංගලන්තයෙ සංචාරය කරනවා.

ලන්ඩන් කොටස්වෙලද පල සමාරම්භ උත්සවයට විශේෂ ආරාධිතයකු ලෙස අගමැති වරයාට ආරාධනා කර ඇත්තේ අතීතයේ සිට එවැනි සම්ප්‍රධායක් එරට තිබෙන නිසා බවයි අගමැති මාධ්‍ය අංශය පවසන්නේ.

ලන්ඩන් කොටස්වෙලදපල ගනුදෙනු සදහා සියලුම මෘදුකාංග නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මෘදුකාංග ශිල්පින් විසින්වන අතර එහි මධ්‍යස්තානයද ඇත්තේ ලංකාවේ බව සදහන්. එසේම එදිනෙදා කටයුතු අධීක්ෂණය කරන්නේද ලංකාවේ සිට බවද සදහන්. එය බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉතා අගයකොට සලකන බවද වාර්තා වෙනවා.

එසේම ලෝකයේ පරණම කොටස් වෙළදපලක් වන කොළඹ කොටස් වෙළදපල හා ලන්ඩන් කොටස් වෙළදපල අතීතයේ සිට සමීපව කටයුතු කරන බව ශ්‍රී ලංකා කොටස් වෙළදපල ප්‍රධානියා පවසා තිබෙනවා.

එසේම බ්‍රිතාන්‍ය අගමැති විශේෂ නියෝජිත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධනද අගමැති රනිල් මුණ ගැසීමට හා මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූ බවයි අගමැති කාර්යාලය පවසන්නේ

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!