Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ බෞද්ධයන්ට නාලිකාවක් ආරම්භ කල පිංවත් කුසලධම්ම හිමි අසාධ්‍ය වූ අතරේ දේවදත්තයෝ නාලිකාව කොල්ලකයි

ලංකාවේ බෞද්ධයන්ට නාලිකාවක් ආරම්භ කල පිංවත් කුසලධම්ම හිමි අසාධ්‍ය වූ අතරේ දේවදත්තයෝ නාලිකාව කොල්ලකයි

බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම හිමි අසාධ්‍ය තත්වයේ සිටියදී උන් වහන්සේගේ දේපල සොරා ගැනීමට පිරිසක් උත්සාහගනිමින් සිටින බව වාර්තා වේ.

උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භකරන ලද බෞද්ධයා නාලිකාව මෙසේ කොල්ලකෑමට උත්සාහ කරන ප්‍රධානම දේපල බව පැවසේ.

මීට පෙර භාරකාර මණ්ඩලයක් යටතේ පාලනයවු එම නාලිකාව සිය අයිතියට ගැනීමට මාන බලන කිහිප දෙනෙකු නිසා මෙම තත්වය ඇති වී ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම තත්වය හමුවේ එහි සේවය කළ ප්‍රධාන තනතුරු දැරුවන් කිහිප දෙනෙකු ඉවත් ඇති අතර භාරකාර මණ්ඩලයේ සිටි හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් වැනි අයද ඉන් ඉවත්ව ඇති බව පැවසේ.

මේ අතර, එම නාලිකාවේ කළමණාකර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජයන්ත රත්නායක මහතා හා එහි වැඩ සටහන් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ නීතිඥ ශෂික ජයතිලක මහතා ද මෙසේ ඉල්ලා අස්ව ඇති අතර ඔවුන්ට පත්වීමේ ලිපියක් නොතිබුණද මේවන විට ඔවුන් සතුව අස්වීමට කරන ලද ඉල්ලීමේ ලිපියක් ඇති බවද වාර්තා වේ.

කුසලධම්ම හිමි අසාධ්‍ය තත්ත්වයේ සිටියද පසුගිය කාලයේදී සිය උවමනා එපාකම් සම්බන්ධයෙන් ලියා පෙන්වීමට එහිමියන්ට හැකියාව තිබුණද මේ වන විට එම තත්ත්වයද නරක අතට හැරී ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

About lanka

Check Also

රනිල් දින තුනක් යාපනයේ. නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 ක් විවෘත වේ යාපනය ශික්ෂණ රෝහලට අලුත් ඒකකයක්. යාපනේදී මහින්දගේ දෙබිඩි මුහුණ හෙළිකරයි

අගමැති රනිල් වික්‍රමසිංහ (14) දින සිට දින තුනක් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක සංචාරයේ නිරත වනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!