Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ පුද්ගලික මාධ්‍යක ඇරබු පළමු වෘතිය සමිතිය සටන ජයගයි. තවමත් නාලිකාව අඩාලයි. මහෙන් පෙරේරා නම් මංගලගේ බත් බැලයා එලවන්න පාලකයන් එකග වෙයි

ලංකාවේ පුද්ගලික මාධ්‍යක ඇරබු පළමු වෘතිය සමිතිය සටන ජයගයි. තවමත් නාලිකාව අඩාලයි. මහෙන් පෙරේරා නම් මංගලගේ බත් බැලයා එලවන්න පාලකයන් එකග වෙයි

වෘත්තිය සමිතියක් ආරම්භ කිරීමට මුල් වීම හේතුවෙන් සේවයෙන් ඉවත් කළ ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයන් 15 දෙනා නැවත සේවයට බඳවා ගැනීමටත් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා සේවයෙන් ඉවත් කිරීමටත් ස්වර්ණවාහිනි ආයතනයේ පාලනාධිකාරිය එකඟ වී තිබේ.

ඒ එම ආයතනයේ වෘත්තීය සමිති නියොජිතයන් හා ආයතනයේ සභාපති ඇලෙක්ස් ලෝවෙල් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය සිකුරාදා දිනයේදි ලබාදෙන බවට ස්වර්ණවාහිනි පාලනාධිකාරිය සඳහන් කර ඇති අතර එදිනට ස්ථිර විසඳුමක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරම්භ කරන බව එම ආයතයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ස්වර්ණවාහිනියේ සේවකයන් විසින් ඊයේ (19දා) වෘත්තිය සමිතියක් ආරම්භ කණ අතර එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට මුල් වී කටයුතු කළ සේවකයන් 15 දෙනෙකුගේ සේවය තහනම් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා කටයුතු කිරීමත් සමග ස්වර්ණවාහිනයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබේ. වැඩ තහනම් කර ඇති පිරිස අතර එම වෘත්තීය සමිතියේ සභාපති ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය හා ඊයේ ඔවුන් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්‍රකාශ කළ පිරිසද වන බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සේවය තහනම් කර ඇති පිරිස පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කළ අතර ඔවුන් කම්කරු කොමසාරිස් කාර්යාලය සමග සාකච්ඡාවකටද එක්විය.සේවකයන් පිරිස යළි සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් එම ආයතනයේ සේවයකයන් ඊයේ රාත්‍රිෙය්දී විරෝධතාවයකද නිරත විය.ප්‍රධාන විධායක නිලදාරියා නැමැත්තා අගමැතිගේ නම විකුණා අනිසි ආරක්ෂාවක් ලබා ඇත්ත එවන් පුද්ගලයෙක් ඔහු අදුනන්නේ නැති බවත් මොහො මුදල් ඇමතිගේ හිතවතකු බවත් දැන් අනාවරණය වී තිබෙනවා

About article14

Check Also

පුතානොගේ ගොන් කල්ලියට ආයුබෝවන් කීමට එජාප කොටසක් සුදානමින්

ජනපති අපේක්ෂක කම හයිජැක් කලාක් මෙන් විපක්ෂ නායක කම හා එජාප නායක කම බලහත්කාරෙන් ගැනීමට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!