Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ පාලකයා කෝටි ගනන්වල වාහන පදිද්දී ඡන්දය දුන් සාමාන්‍ය මිනිහට වාහන සිහිනයක් වෙයි. වාහන මිල ආයෙත් දෙගුණවෙයි

ලංකාවේ පාලකයා කෝටි ගනන්වල වාහන පදිද්දී ඡන්දය දුන් සාමාන්‍ය මිනිහට වාහන සිහිනයක් වෙයි. වාහන මිල ආයෙත් දෙගුණවෙයි

වාහන සදහා පනවා ඇති නව බදු ක‍්‍රමය හේතුවෙන් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන බොහෝ වාහනවල මිල ගණන් දෙගුණයකින් පමණ වැඩි වීමට ඉඩ ඇති බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමය සදහන් කරයි.

එහි සභාපති ගිහාන් පිලපිටිය පෙන්වා දෙන්නේ කලින් බදු පැනවීම සිදු වූයේ වාහනයේ එන්ජින් ධාරිතාව මත වුවත් ගිය අයවැයේදී හඳුන්වා දුන් නව බදු ක‍්‍රමය අනුව බදු වැඩිවීම පියවරෙන් පියවර සිදුන බවයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය වෙනුවට බදු ක‍්‍රමය මිල මත පදනම් වූ ආනයන බදු ක්‍රමයක් විය යුතු බවයි.

ජපාන, කොරියානු, ඉන්දීය වාහන මිල එම රටවලද වැඩිවෙමින් පවතින බවත් මෙරට රුපියලේ ඉාල්දු වීමද වාහන මිල ඉහල යාමට බලපා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙරට බොහෝ ආනයනකරුවන් මේ වන විටත් අලෙවි කරන්නේ පැරැණි බදු ක්‍රමයට ගෙන්වන ලද වාහන නිසා බැලූ බැල්මට මිල වැඩිවීමක් නොපෙනුත් ඉදිරියේදී නව බදු ක්‍රමයෙක් ගෙන්වන වාහන මිල ඉතා විශාල ලෙස ඉහල යනු ඇති බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

About lanka_2

Check Also

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!