Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ පළමු වතාවට නිර්මාණය කල මහජන වේදිකාවට ගෝඨා නැ

ලංකාවේ පළමු වතාවට නිර්මාණය කල මහජන වේදිකාවට ගෝඨා නැ

මාර්තු 12 ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ පළමු වතාවට නිර්මාණය කල සියලු අපේක්ෂකයන්ගේ එකම වේදිකාව මහජන වේදිකාව සදහා ප්‍රධාන පක්ෂ දෙකක අපේක්ෂකයන් එනම් ජවිපෙ අනුර හා එජාපයේ සජිත් යන දෙදෙනාද තවත් අපේක්ෂකයන් 8 ක් ද පැමිණ සිටියා

එහෙත් එයට ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙක් වන ගෝඨාබය පැමිණ සිටියේ නැ. එයට හේතුව ලෙස පවසන්නේ තවමත් නාමයෝජනා බාර දී නැති නිසාත් අපේක්ෂකයා හරිහැටි තීරණය කර නැති නිසාත් මෙය නිෂ්පල ක්‍රියාවක් බැවින් සහභාගී නොවන බව සංවිධායකයන්ට දැනුම් දුන් බව බිබිසි අසාම් අමින් වාර්තා කර සිටින්නේ ඩලස් අලහප්පෙරුම ගෝඨාබගේ මාධ්‍ය ප්‍රකාශක පැවසු බව කියමින්.

කෙසේ වෙතත් මේ වන විට ප්‍රධාන පක්ෂ අපේක්ෂකයෙක් වන ගෝඨාබය මාධ්‍යවේදීන්ගේ සෘජු ප්‍රශ්න වලට පිළිතුරු නොදෙන අතර මාධ්‍යවේදීන් ප්‍රශ්න අසන්නට යන්නේද නැත. ප්‍රසිද්ධ වේදිකාවකට කෙලින් අදහස් ප්‍රකාශ කිරීමට පක්ෂයේ අනෙක් සියල්ලට හැකි වුවත් ඔවුන්ගේ ජනපති අපේක්ෂකයා එයට මුහුණ නොදී මගහැර යාම සමාජ ජාලා වල දැඩි කතාබහකට මේ වන විට ලක්ව තිබෙනවා.

එසේම මෙම වැඩසටහන සියළුවම රුපවාහිනී නාලිකා මෙන්ම ෆේස්බුක් මගින් විකාශය කල නමුත් රටේ ප්‍රධාන නාලිකා දෙකක්වන පොහොට්ටුවට හිතවත් හිරු හා දෙරණ යන මාධ්‍ය දෙක එය විකාශය කලේ නැ.

About article14

Check Also

එජාපයෙන් ඩිල්දාස අලුතින් බෙර ගසා ගෝඨාට එක්වෙයි

අධිකරණ ඇමතිව සිට වසර 3 පමණ කිසිදු ක්‍රියාමාර්ගයක් රාජපක්ෂ වරු වෙනුවෙන් ගන්නට නොදුන්නායයි එජාපයෙන්ම චෝදනා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!