Breaking News
Home / ක්‍රිඩා / ලංකාවේ ක්‍රිකට් බින්දුවටම වැටිලා තිබුනත් හිටපු සභාපති දාපු කාර්ය මණ්ඩල තාම හොඳ කෑමක් කයි. ලේකම් වරියන් 10 ක් මිලියන ගානක් වියදම් කර දඹුලු සවාරියක් ගිනිහින්

ලංකාවේ ක්‍රිකට් බින්දුවටම වැටිලා තිබුනත් හිටපු සභාපති දාපු කාර්ය මණ්ඩල තාම හොඳ කෑමක් කයි. ලේකම් වරියන් 10 ක් මිලියන ගානක් වියදම් කර දඹුලු සවාරියක් ගිනිහින්

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගියදා (10) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයේ විශේෂ ප්‍රේක්‍ෂකාගාරවල සේවයට යැයි පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියන් 10 කට අධික සංඛ්‍යාවක් දඹුල්ලට ගෙන්වාගෙන තිබිණි.

මෙම පිරිසට එම සේවය සඳහා විශාල මුදලක් වැය කරමින් ආහාර, නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බවත් ලේකම්වරියකට දිනකට රුපියල් 5,000 ක දීමනාවක් ද හිමිවූ බවද වාර්තාවිය.

මෙම ලේකම්වරියන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය වෙනුවෙන් ද සුපිරි වැටුප් ලබන බව ද තතු දන්නෝ පවසති.

මෙහි කැපී පෙනෙන තත්ත්වය වන්නේ මෙම නිලධාරිනියක් දින පහක් දඹුල්ලේ රැදී සිටිය හොත් ඒ අනුව ලේකම්වරියකට රුපියල් 25,000 ක මුදලක් හිමිවන අතර සෙසු පහසුකම්වල පිරිවැය ද සමඟ ලේකම්වරියක් සඳහා රුපියල් 50,000 කට අධික මුදල් වැයවීමයි.

මීට පෙර දඹුල්ලේ ජාත්‍යන්තර තරගවලදී විශේෂ ප්‍රේක්‍ෂකාගාරවල සේවයට මධ්‍යම පළාත් ක්‍රිකට් සංගමය හරහා සේවකයන් ලබාගත් බවත් ඔවුන්ට තරග දිනයකදී පමණක් රුපියල් 1500 ක පමණ මුදලක් ගෙවූ බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් ලේකම්වරියන් බහුතරයක් දඹුල්ලේ රාජකාරිය සඳහා යොදවා තිබුණද, ඔවුන්ගේ සේවය අනවශ්‍ය වියදමක් බැවින් ඊයේ (11දා) දිනයේදී එම ලේකම්වරියන් යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹට කැඳවා තිබේ.

දිනකට අතිකාල දීමනා වශයෙන් රුපියල් පන්දහසක දීමනාවක් සහ නවාතැන් පහසුකම් සමග ලේකම්වරියන් දහයකට ආසන්න සංඛ්‍යාවක් දඹුල්ලේ දින පහක් පමණ ගතකිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන මූල්‍ය පාඩුව මාධ්‍ය මගින් අනාවරණය කිරීම හේතුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණයක් මත මෙම ලේකම්වරියන් දඹුල්ලේ සිට හදිසියේ කොළඹට කැඳවා ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

මෙතරම් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වී ඇති තත්වයක හිටපු සභාපතිගේ කාර්ය මණ්ඩලය තවමත් කිසිදු බාදාවකින් තිරව කටයුතු කරන අතර ඔවුන් රිසි ලෙස වියපැහැදම් කරමින් ලැජ්ජාවක් නැතිව හොදට කමින් සිටි.

මෙවන් ලැජ්ජා නැති රටක පුරවැසියන් බව කීමටත් හදවතක් හෘද සාක්ෂියක් ඇති සුළුතරයක් වූ ලාංකික මිනිසුන්ටත් ලැජ්ජාවකි

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!