Breaking News
Home / Video / ලංකාවේ ක්‍රිකට් අර්බුධයකට ඇද දැමු ඇෆ්ගනියන් 2019 ලෝක කුසලානයේ පෙරලියක් කරන වග තහවුරු කරමින් ප්‍රභල ඉන්දියාවත් දණ ගස්සයි

ලංකාවේ ක්‍රිකට් අර්බුධයකට ඇද දැමු ඇෆ්ගනියන් 2019 ලෝක කුසලානයේ පෙරලියක් කරන වග තහවුරු කරමින් ප්‍රභල ඉන්දියාවත් දණ ගස්සයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (25) ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය පැවති තරඟය කිසිවෙකු නොසිතූ පරිදින් දෙපිලේම ලකුණු සමවී ජය පැරදුමකින් තොරව නිමාවට පත්විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඕවර 50 අවසානයේ ලකුණු 252 ක් ලබාගත්තේය. ඇෆ්ගනිස්තාන ඉනිමේ කොඳුනාරටිය බවට පත් වූ ආරම්භක පිතිකරු මොහොමඞ් ශේෂාඞ් පන්දු 116 කදී ලකුණු 124 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් සමගිනි.

ඉන්දීය කණ්ඩාමේ නායක රෝහිත් ශර්මා මෙම තරගයට සහභාගි නොවූ අතර එහිදී හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි විසින් ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලැබිණ. ඒ අනුව එක්දින තරගයකදී දෝනි ඉන්දීය කණ්ඩායම මෙහෙයවන 200 වැනි අවස්ථාව ලෙසද මෙය වාර්තා අතරට එක්විය.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 253 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම ඕවර 49.5 ක් අවසානයේ ලකුණු 252 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රෂීඞ් ඛාන්, මොහොමඞ් නබී සහ අෆ්ටාබ් අලාම් කඩුලු 2 බැගින් දවාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

තරගය ජයගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට රෂීඞ් ඛාන් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 7 ක් රැස්කිරීමට සිදුවූ අතර ඒ වන විට රවින්ද්‍ර ජදේජා සමගින් අවසන් පිතිකරුවා වූ කලීල් අහමඞ් පිටියේ රැදී සිටියේය. කඩුලු 9 ක් බිඳවැටී තිබීම හේතුවෙන් අවසන් කඩුල්ලද ආරක්ෂා කරගනිමින් එම ලකුණු සංඛ්‍යාව හඹායෑමේ වැඩි වගකීමක් ජදේජාට පැවරිණ.

එම ඕවරයේ පළමු පන්දුවට ලකුණු ලබා නොගත් ජාදේජා, දෙවැනි පන්දුව හතරේ සීමාව කරා යැවූයේ ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු තවත් ඉහළ නංවමිනි. ඉන් අනතුරුව ඉතිරි පන්දු 4 දී තරගය ජයගැනීම සඳහා තවත් ලකුණු 3 ක් ලබාගත යුතුව තිබිණ. එවැනි අවස්ථාවක තෙවැනි පන්දුවට ලකුණක් ලබාගත් ජදේජා, සිවුවැනි පන්දුවට පහරදීමේ අවස්ථාව අහමඞ්ට ලබාදුන්නේ නරඹන්නන්ගේ නළලත රැළිගන්වමිනි.

සියලු දෙනා තමා වෙත තබා තිබූ බලාපොරොත්තු සුනුවිසුණු වී යෑමට ඉඩක් නොදුන් අහමඞ්, ඇෆ්ගනිස්තාන පන්දු රකින්නන්ගේ දැඩි රැකවල් මැද සිවුවැනි පන්දුවේදී ජදේජා සමග ලකුණු සඳහා පැති මාරු කරගත්තේ දෙපිලේම ලකුණු සංඛ්‍යාව සම තත්වයට පත්කරමිනි. ඒ අනුව අවසන් පන්දු දෙකේදී ලකුණක් ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමේ අවස්ථාව ජදේජාට හිමිවිය.

එවන් අවස්ථාවක කෙටි ලකුණක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවට විශාල පහරක් කරා යෑමට ජදේජා ගත් තීරණය වැරදී ගියේ ඔහුගේ පිත්තේ වැදී ඉහළින් ඇදී ගිය පන්දුව උඩ පන්දුවක් ලෙස රැකගැනීමට මිඞ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි නජිබුල්ලා සද්‍රාන් සමත් වීම හේතුවෙනි. ඒ අනුව දෙපිලේම ලකුණු සංඛ්‍යාවන් සම තත්වයේ තිබියදී ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුල්ලත් බිඳ වැටිණ.

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!