Breaking News
Home / ක්‍රිඩා / ලංකාවේ උන්ට අපේ උන් වටින්නේ නැතිවුනාට බුම්රා මාලිංගගේ උපදෙස් වලට ඊයේ තරගය ජයගත් හැටි කියයි

ලංකාවේ උන්ට අපේ උන් වටින්නේ නැතිවුනාට බුම්රා මාලිංගගේ උපදෙස් වලට ඊයේ තරගය ජයගත් හැටි කියයි

මෙවර අයි.පී.එල් තරගාවලියේ තීරණාත්මක තරගයක් ඊයේ මුම්බායි කණ්ඩායම හා කිංගස් IX පංජාබ් කණ්ඩායම අතර පැවැත්වූ අතර එම තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබිමට සමත්වූයේ මුම්බායි කණ්ඩායමයි.

තරගයේ සියලු ගෞරව දිනාසිටි පංජාබි කණ්ඩායමට විටෙක කඩුලු 09ක් අතැතිව අවසන් පන්දුවාර 04 තුල අවශව තිබුණේ ලකුනු 42ක් පමණි.එහෙත් ජස්ප‍්‍රිත් බුම්රාගේ අවසන් පන්දුවාර 02 ඔවුන්ගේ ජයග‍්‍රාහී ගමන අඩපණ කල අතර එම පන්දුවාර 02 තුළ බුම්රා ලකුනු 10කට කඩුලු 03ක් දවා ගනිමින් සිය කණ්ඩායමට බලාපොරොත්තු එක් කළේය.

කෙසේ වෙතත් මීට පෙර පැවැති තරගවලදි මුම්බායි කණ්ඩායම අවසන් පන්දුවාර කිහිපය තුලදී ජයග‍්‍රහණය කිරීමට තිබු බොහෝ තරග ප‍්‍රමාණයක් පරාජයට පත්විය.ඊයේ ලැබු එම ජයග‍්‍රහණය පිලිබදව අදහස් දක්වන තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ බූම්රා පවසන්නේ සැලැස්මක් ඇතිවිය අවශ්‍ය ඔ්නෑම දෙයක් කළ හැකි බවයි.

හොද සැලසුමක් තියනවනම් අවශ්‍ය ඔ්නෑම දෙයක් කරන්න පුලුවන්..මම ඒ සැලැස්මට අනූව ක‍්‍රීඩා කළේ..හැබැයි සමහර දවස්වලට ඒ දෙය සාර්ථක වෙන්නේ නෑ..ඉතින් මම කලින් සිදුවූ දේවල් ගැන වගේම අනාගතයේ මොනවද වෙන්නේ කියලා බලන්නෙ නෑ..මම හැමවිටම අවධානය යොමු කරන්නේ සැලසුමට අනූව ක‍්‍රීඩා කරන්න..පැහැදිලි මනසකින් පන්දු යැවීම ඉතා වැදගත්..මනස පැහැදිලි නැත්තම් සැකයක් එනවා කොහෙටද මම පන්දු යවන්න ඔ්න කියලා..

බූම්රා ක‍්‍රියාත්මක කළ 17 වැනි පන්දුවාරය තරගයේ වාසිය මුම්බායි වෙත නතුවූ පන්දුවාරය ලෙස හැදින්විය හැකි අතර එම ඔ්වරය තුල ලකුණු 04ක් පමණක් ලබාදී ප‍්‍රබල පිතිකරුවන් වූ ඇරොන් ෆින්ච් හා මාකස් ස්ටොනිස් දවාගැනීමට සමත්විය.අනතුරුව 19වැනි පන්දුවාරයේදී ප‍්‍රබල පිතිකරු රාහුල් දවාගනිමින් එම පන්දුවාරය ලකුනු 06කට සීමා කිරීමට බුම්රා සමත්විය.

රාහුල් තරගාවලිය පුරාම ඉතා හොදින් පන්දුවට පහරදුන්නා..පන්දුයවන්නන් ගේ හමුවේදී අපි එක් එක් ක‍්‍රීඩකයා ගැන කතාකලා.මම ශේන් බොන්ඩ් හා ලසිත් මාලිංග එක්ක කතා කළා පින්න තිබුනොත් අපි මොකද කරන්නේ කියලා.පන්දු යවනකොට නිවැරදි සැලසුමක් තියෙන්න ඔ්න..මම කලේ නිවැරදි සැලසුමට පන්දු යවපු එකයි..යැයි බූම්රා පැවසීය..

About lanka

Check Also

මහින්ද එංගලන්තේ ගිහිං රැජින හමුවෙලා ඉගනගත්ත බුද්ධි පරීක්ෂාව ලංකාවට ඇවිත් හොඳම ගෝලයා විමල් එක්ක කරපු හැටි

මහින්ද විමල්ගේ බුද්ධිය පරික්ෂාවට ලක්කරයි …. !! දිනක් හිටපු ජනපති මහින්ද ඇතුලු පිරිස එන්ගලන්ත සංචාරයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!