Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ ආර්ථික අර්බුධයට සිරිසේනගේ ආර්ථික සභාව කුමන පිළිතුරු සෙව්වත් එජාපය ජේ ආර්ගේ කාලේ සිට හිතවත් උදව්කල ජපානයේ සහය පතන්න යයි

ලංකාවේ ආර්ථික අර්බුධයට සිරිසේනගේ ආර්ථික සභාව කුමන පිළිතුරු සෙව්වත් එජාපය ජේ ආර්ගේ කාලේ සිට හිතවත් උදව්කල ජපානයේ සහය පතන්න යයි

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආසියානු පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වාගෙන යන ජපානය සමඟ ආර්ථික සම්බන්ධතා වැඩි වැඩියෙන් ඇති කර ගැනීමට රජය තීරණය කර තිබේ.

රජය මේ තීරණයට එළැඹඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය. නෝර්වේ සහ බි්‍රතාන්‍ය සංචාරයට පිටත්ව යාමට පෙර ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ගත යුතු පියවර ගැන අග්‍රාමාත්‍යවරයා ඇමතිවරුන්ට හා ආර්ථික විශේෂඥයන්ට දීර්ඝ ලෙස පිළිතුරු දෙනු ලැබීය.

ඇමරිකා එක්සත් ජනපදය චීනයට අධික තීරු බදු පැනවීම නිසා මහා පරිමාන ණය ප්‍රදානවලට චිනය නොපෙලබෙනු ඇතැයි ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.

කලාපයේ සෙසු රටවල් අතරින් ඉන්දියාව, ඉන්දුනිසියාව, පිලිපිනය, මැලේසියාව යන රටවල මුදල් ඒකකය ඩොලරය ශක්තිමත් වීමත් සමඟ දරුණු අවප්‍රමාණයකට ලක්ව පවතියි.

ශ්‍රී ලංකාව ඇතුළත් කලාපයේ රටවල් සමඟ සැසදීමේදී ආර්ථිකය යම් මට්ටමකින් හෝ පවත්වාගෙන යාමට හැකිව ඇත්තේ ජපානයට පමණක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

ඉහත සියළු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජපානය සමඟ වැඩි වැඩියෙන් ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට විධිවිධාන දෙන ලෙස රජයේ ඇමතිවරුන්ට හා ආර්ථික විශේෂඥයින්ට අගමැතිවරයා උපදෙස් දෙනු ලැබීය.

ඒ අතර පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මහා බැංකුව ජනාධිපති විසින් හසුරවා ආර්ථික සභාව සමග රටේ ආර්ථිකයට කල වෙනස හා දියුණුව කුමක්දැයි ඇසීමට එජාප පසුපෙළ සුදානම් බව වාර්තා වනවා.

රටේ ආර්ථිකය බිද වැටීමට හේතුව එජාපය බව හංවඩු ගැසීමේ ව්‍යාපාරයක් 16 කල්ලිය හා එකාබද්ධයත් මෛත්‍රිත් මේ වන විට කටයුතු කරමින් සිටින බවයි ආරංචිමාර්ග සදහන් කරන්නේ. ආර්ථික සභාව හරහා ජනාධිපති ආර්ථික හැසිරිවිමට ගන්නා විට ඩොලරය 153 ක් වන අතර මේ වන විට ඩොලරය 170 වීම එජාපයට ලගු කර ඉදිරි මැතිවරණ ප්‍රචාර දැන්ම අරභා රට තවත් අගාදයට යවන බවයි දේශපාලන විචාරකයන්ගේ අදහස

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!