Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක දින කිහිපයක්. සිරිසේන ව්‍යවස්ථාව බල්ලට දමා පාර්ලිමේන්තුව විසරවිමේ සුදානමක්. රටේ නිතිය ව්‍යවස්ථාව දැඩි අනතුරක

ලංකාවේ අනාගතය තීරණය වන තීරණාත්මක දින කිහිපයක්. සිරිසේන ව්‍යවස්ථාව බල්ලට දමා පාර්ලිමේන්තුව විසරවිමේ සුදානමක්. රටේ නිතිය ව්‍යවස්ථාව දැඩි අනතුරක

අද(7) උදැසන මනෝ ගනේෂන් ප්‍රමුඛ පිරිස සිරිසේනගේ ආයාචනය අනුව ඔහු මුණගැසුණු අවස්ථාවේදී, ඔහු තරයේම කියා ඇත්තේ රනිල් නැතිව වෙන ඕනෑම අයෙකුට අගමැති වීමට සහය දෙනවා නම් තමන් පාර්ලිමේන්තුව රැස්කරවන බවයි.

නමුත් සිරිසේනගේ පුහු තර්ජනවලට TNA යටත් නොවීම හේතුවෙන් කුපිත වූ ගමරාළ මෙන්, “එහෙනම් මම මේක විසුරෝනවා” යනුවෙන් පවසා තිබේ.. ව්‍යවස්ථාව අනුව එසේ කරන්න බැරි බව ගනේෂන් ප්‍රමුඛ පිරිස සිහිපත් කළ විට ඔහු කියා ඇත්තේ “තමන් කොහොමහරි ඒක කරන” බවකි.

මේ “කොහොමහරි” කරනවා යනු අමු අමුවේම ප්‍රජාතන්ත්‍රවාදය මරාදැමීමකි… “මරලා හරි ගත්තෙ නැත්තෙ ඇයි” සහ මේ අතර කිසිදු වෙනසක් නැත….

ව්‍යවස්ථාව ඔහුට ඕනෑ පරිදි අර්ථකථනය කර අගමැතිවරයා ඉවත් කෙළේ යයි පවසා බහුතරයක් තවමත් නොපෙන්වූ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අගමැති ලෙස නම් කළ ද 113 නොමැති නිසා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට තීරණය කර ඇතැයි ජනාධිපතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා මොවුන් භාවිතා කිරීමට යන්නේ Law of the necessity නම් ව්‍යතිරේකයකි. ඉන් කියැවෙන්නේ නීතියක් ලෙස නොමැති නමුත් භූමි කම්පාවක් සුනාමියක් වැනි ස්වභාවික ව්‍යසනයක් අවස්ථාවකදී ගත හැකි පියවරක් ලෙසය.

නමුත් එවැන්නක් බලය සහිත පාර්ලිමේන්තුවක් විසිරුවීම වැනි ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ක්‍රියාවක් සඳහා භාවිතා කළ නොහැකිය. මන්ද යත් පාර්ලිමේන්තුව විසිරුවිය හැක්කේ කෙසේද කියා පැහැදිලිවම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබෙන නිසාය..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 17 වෙනි වගන්තියේ (1) හි පැහැදිලිවම මෙසේ දැක්වේ.

“පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය”

සුද්ද සිංහලෙන්ම ඉහත සඳහන් ලෙස ලියා තිබියදී ව්‍යතිරේක යොදා ගනිමින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවීමට නොහැකිය. මේවන විට ව්‍යවස්ථාව බල්ලට දමා මේ දෙන ආදර්ශය නිසා අනාගතයේ උපදින්නට ඉන්න දරුවාට මෙහි අනිසි ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති. ව්‍යවස්ථාව යනු රටක නීතියයි. මේ සිදුවන්නේ එයට ගරු නොකර හමුදා බලය පොලිස් බලය හා වෙනත් සියලු බලතල තමන් සතු තබාගෙන උන්මන්තකයකු ලෙස හා ඒකාධිපතියකු ලෙස හැසිරීමයි. මෙහි භයානක ප්‍රතිපල ඉදිරි දිනයකදී විදගන්නට අප සැමට සිදුවේවි.

මේ ආකාරයට ජනාධිපතිට ව්‍යවස්ථාව කඩමින් කටයුතු කරන්නට ඉඩ දීම බරපතලය. මන්ද යත් මේකා කියන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයක් තියා යලිත් එක්සත් ජාතික පෙරමුණ ජයගෙන බහුතරය රනිල් වික්‍රමසිංහ හෝ මොහු අකමැති අයෙක් යලි අගමැති කිරීමට තීරණය කළහොත් මොහු යලිත් වතාවක් මේ නාටකයම පෙන්වනු නියතය.

දැන් තිබෙන තත්වය අනුව රටේ රාජ ආණ්ඩු අවසන් වූ පසු පවත්වාගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමය රැකගනිමටනම් තැබිය යුත්තේ පාර්ලිමේන්තු ඡන්දයක් නොව ජනාධිපතිවරණ ඡන්දයකි.

ව්‍යවස්ථාව වරක් කැඩූ අයෙක් දිගින් දිගටම ව්‍යවස්ථාව කඩමින් හිතූ හිතූ ආකාරයට පිස්සු කෙළිිමින් රට වැනසීම නතර කළ හැක්කේ වගකිව යුතු මිනිසුන් එක්ව මේ පිස්සු කෙළින ජනාධිපතියා ධූරයෙන් පහ කර දැමීමෙන් පමණය.

මෙයට එජාපය නිදහස් පක්ෂය ජවිපෙ පමණක් නොව අනෙකුත් සියළු දේශපාලන පක්ෂ වලට අදාලය. ඊට හොඳම සාක්ෂිය නම් පසුගිය 5 වෙනිදා පැවැති ජන මහිමය රැස්වීමේ දී මහින්ද රාජපක්ෂ කළ ප්‍රකාශයයි. ජනාධිපති සිරිසේන විසින් බහුතර බලයක් නොමැති තමාව උන් හිටි ගමන් අගමැති ලෙස පත් කිරීම තමා ජනාධිපතිව සිටියේ නම් කිසිසේත්ම කරන්නේ නැතැයි මහින්ද රාජපක්ෂ පැවසීය. ඉන් ගම්‍ය වන්නේ මේ ජනාධිපති කෙළිය පිස්සුවේ තරම මහින්දට වුවද වැටහෙන බවය.

එබැවින් ඡන්දයකට යනවා නම් යා යුත්තේ පාර්ලිමේන්තු ඡන්දයකට නොව ජනාධිපතිවරණ ඡන්දයකට ය. සියළු දේශපාලන පක්ෂ ඒ සඳහා එකඟතාවයකට පැමිණිය යුතුය.

රටක පාර්ලිමේන්තුක් පත්වන්නේ නිශ්චිත කාලයකට ය. ඒ කාලය තුළ ඔවුන්ට ස්වකීය කාර්යභාරය කරගෙන යන්න නිර්බාධිතව අවකාශ තිබිය යුතු ය. 19වැනි සංශෝධනයෙන් ඉටුකළේ අන්න ඒක ය. මේවා රනිල් කියාපුවා නොව, සිරිසේන ජනතාවට දීපු ජනපතිවරණ පොරොන්දු ය. අවශ්‍යනම් “මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” නම් එකී ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා බැලිය හැකි ය… එහි පැහැදිලිවම දැක්වෙන්නේ “පාර්ලිමේන්තුවට වගකියන ජනපති ධුරයක් ඇතිකරන බව” ය….

සිරිසේන ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවහොත් ඔහු මේ රටේ එතෙක් මෙතෙක් පහළ වූ අන්ත දූෂිතම, තුච්ඡම, නින්දිතම ද්‍රෝහියා ලෙස හංවඩු ගැසෙනු ඇත. එසේම ශ්‍රී ලංකාවේ අනාගතය ශිෂ්ටත්වය නිතිය කඩා දැමු ද්‍රෝහියා බවට පත්වන අතර මේ බරපතල ව්‍යවස්තා උල්ලංගනය කිරීම අනාගතයේ නැවත නැවත සිද්ද වීමෙන් මේ රට සොමලියාවක් බවට පත් කිරීමේ ජාති ජාතිත් පව සංසාර ගණනාවකට කල පව් ගෙවීමට නොහැකි වනු ඇති.

මේ ඔබ අප ගෙවන්නේ අප රටේ තිරනාත්මකම දින කිහිපයක් බව පාට පක්ෂ බේදයකින් තොරව බුද්ධිය ඇති මිනිසුන් කල්පනාවෙන් සිටින්නැයි කරන ආයාචනයක් ලෙස සටහන් කර තබමි.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!