Breaking News
Home / දේශීය පුවත් / ලංකාවේම පලතුරු එන මැනිං මාර්කට් එකේ පලතුරු ඉදවන්නේ කෙමිකල් ගහලා මිනිස්සු පිළිකා වකුගඩු රෝග හැදිලා මැරෙන්න හේතුව හා දේශපාලුවන්ගේ සම්බන්දය

ලංකාවේම පලතුරු එන මැනිං මාර්කට් එකේ පලතුරු ඉදවන්නේ කෙමිකල් ගහලා මිනිස්සු පිළිකා වකුගඩු රෝග හැදිලා මැරෙන්න හේතුව හා දේශපාලුවන්ගේ සම්බන්දය

අප ලබා ගන්නා ආහාරවල පවතින වසවිස පිළිබදව අදහසක් ඇතැම්විට අපටද නොමැත. ඒ තරම් වසවිස ඇතැම් ආහාරවල පවති. පලතුරු ඒ අතරින් විශේෂය. පලතුරු ඉදවීම සදහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයන් ශරීරයට අහිතකරය.

මෙම රසායනික මාරයාගෙන් අප ජනතාව බේරා ගැනීමට ආචාර්ය චන්න ජයසුමන මහා මෙහෙයුමක් අරඹා තිබේ. ඒ ශ්‍රී ලංකාවටම පළතුරු බෙදන මහා වෙළදපොල වන පිටකොටුව මැනිං වෙළදපළෙන් මෙම විස රසායනයන් ඉවත් කරමින් ය.

මේ පිළිබදව මැනිං මාර්කට් සුබසාධක වෙළෙඳ සමිතියේ ප්‍රධාන ලේකම් ගාමිණී හඳුන්නෙත්ති සහ ප්‍රධාන උප ලේකම් විමල් අලහේන්ද්‍ර මාධ්‍යයට අදහස් දැක්වූවේ මෙලෙසින්,

“මැනිං මාර්කට් එකේ අලෙවි වන පලතුරුවල ගුණාත්මක භාවය ගැන දිගින් දිගටම මාධ්‍ය ප්‍රශ්න කරන්න ගත්තා. විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය. ඒ අය පෙන්නලා දුන්නේ විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා පලතුරු ඉදවීම සිදු කරනවා කියලා. එහෙම මාධ්‍ය තමුන්ගේ අදහස් එළිපිට ප්‍රකාශ කරන්න ගත්තම අපිත් හිතන්න ගත්තා මේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා.

හැබැයි ඒ විදියට පලතුරු ඉදවන එක ඒ කාලේ බොහොම ස්වාභාවික දෙයක්. ඒ කියන්නේ පලතුරු මෙට්රික් ටොන් එකක් ආවොත් ඒ මෙට්රික් ටොන් එක ඊගාව දවසේ ඒ පලතුරු තොගය වෙළෙඳපොළට නිකුත් කරන්න පුළුවන්කම තිබුණේ ඉදවීම මුල් කරගෙන රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කළොත් විතරයි.

වෙළඳාමක් කරද්දී මොන වෙළෙන්දාද කැමති තමුන්ගේ භාණ්ඩය දවස් දෙක තුනකින් විකුණන්න. සාමාන්‍යයෙන් කෙසෙල්, ගස්ලබු ස්වාභාවික විදියට ඉදෙන්න දවස් තුන හතරක් ගන්නවා. ඊතයිල් මිශ්‍ර රසායනික ද්‍රව්‍යයක් පාවිච්චි කළොත් ඒ පලතුරු ජාති පැය තුනෙන් ඉදවන්න පුළුවන්.

එහෙම අදහසක තමයි පලතුරු වෙළෙන්දෝ හිටියේ. නමුත් එතැනදී සිදුවන අවැඩ මොකද්ද කියලා මුද්‍රිත මාධ්‍ය පෙන්වා දෙද්දී ඒ සඳහා සම්පත් දායකයෙක් විදියට චන්න ජයසුමන මහත්තයා එකතු වුණා. චන්න ජයසුමන මහත්තයා විද්‍යාත්මකව පෙන්වලා දුන්නා රසායනික ද්‍රව්‍ය භාවිත කරලා පලතුරු ඉදවීමේදී සිදුවන අවැඩ මොකද්ද කියලා.

මේ විදියට දිගින් දිගටම නිවැරැදි කරුණු අනාවරණය වෙද්දී වෙළෙන්දෝ හැටියට අපිට සිද්ධ වුණා ඒකට ඇහුම්කන් දෙන්න. චන්න ජයසුමන මහත්තයා අපට දේශීය ආහාර ද්‍රව්‍ය පිළිබඳ විශේෂයෙන්ම පලතුරු පිළිබඳ විශේෂඥ දැනුමක් තියෙන සම්පත් දායකයෝ මුණගැස්සුවා. චන්න ජයසුමන මහත්තයාට අපි ආරාධනා කළා අපේ සමිතියේ සාමාජිකයන්ව දැනුවත් කරන්න එන්න කියලා.

ඒක තමයි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව පලතුරු ඉදවීම කියන ක්‍රියාන්විතය දියත් කරන්න අපි දමා ගත්ත පළමු අඩිතාලම. කාන්තාවන්ට ගබ්සා ඇතිවී වකුගඩු රෝග, පිළිකා වැනි රෝග මෙම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවෙනවා කියලා නිවැරැදි අදහසක් ඇති කරගත්තට පස්සේ වෙළෙන්දෝ කැමැති වුණා ඒ රසායනික ද්‍රව්‍ය භාවිත නොකර ඉන්න.

Related image

හැබැයි වැදගත්ම කරුණ තමයි රසායනික ද්‍රව්‍ය භාවිත නොකර ඉද්දී වෙළෙන්දන්ට ලැබෙන ලාභය අඩුයි කියන එක. ඒක හරිම වැදගත්.

මොකද වෙළෙන්දෙක් වෙළඳාමක් කරන්නේ ලාභය කියන අරමුණ ඇතිව. රසායනික ද්‍රව්‍ය භාවිත නොකර පලතුරු ඉදවීමේදී අපට සිද්ධ වුණා ලාභයෙන් බැහැර වෙන්න. කාලය, ශ්‍රමයට මුදල් ගෙව්වයෙන් පස්සේ මහ ලොකු ලාභයක් ඉතිරි වුණේ නැහැ. ඒකයි මම කිව්වේ මේක ක්‍රියාන්විතයක් වුණා කියලා. මැනිං මාර්කට් එක ගත්තොත් ලංකාවේ හතර වටින්ම එළවළු පලතුරු එන තැනක්. මෙතැනට දේශපාලනය බද්ධයි.

මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරද්දී මුලින්ම පැමිණිය හැකි බාධක අඳුරගත්ත අපි ප්‍රාදේශීය දේශපාලනඥයාගේ ඉඳලා ඉහළ දේශපාලනඥයා දක්වා අපේ වැඩසටහන මොකද්ද කියන්න දැනුවත් කළා. මොකද රසායනික ද්‍රව්‍ය කියන්නේ ලංකාවේ ආණ්ඩුව නීත්‍යනුකූල විදියට පිළිගත්ත දෙයක්. නියමිත මිලක් ගෙවලා ලබාගත හැකි ද්‍රව්‍යයක්.

එහෙම දෙයක් තහනම් භාණ්ඩයක් බවට පත්කරන්න පොදු එකඟතාවක් වුවමනායි. දේශපාලන අධිකාරිය දැනුවත් කරලා අපි බලාපොරොත්තු වුණේ ඒ පොදු එකඟතාව ඇති කරගන්න අඩිතාලමක් දමා ගන්න එක. සාමාන්‍යයෙන් දවසකට මැනිං මාර්කට් එකට පලතුරු මෙටි්‍රක් ටොන් 15ක් එනවා.

ඒ අතරින් කෙසෙල් හා පැපොල් ප්‍රධානයි. කාලයක ඉඳලා මේ කෙසෙල් පැපොල් ඉදවීමට පාවිච්චි කළේ රසායනික ද්‍රව්‍ය. මැනිං මාර්කට් සුබසාධක සමිතියේ ලේකම්වරයා විදියට මම සිදුකරන්නේ එළවළු වෙළෙඳාම. 1965 අවුරුද්දේ තාත්තා පස්සේ වැටිලා ඇවිල්ලා තමයි මම මැනිං මාර්කට් එකේ බිස්නස් එක අල්ලා ගත්තේ. එදා ඉඳලා මෙතැන සිද්ධ වුණේ මොනවාද කියලා මම නිවැරැදිව දන්නවා.

මෙහෙම ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන්න දීර්ඝ කාලයක් තිස්සේ මම ලබපු අත්දැකීම් ඉවහල් වුණා. ඒ කාලේ පලතුරු ඉදෙව්වේ අපි දුම් ගහලා. දුම් මැහි කීපයක්ම මාර්කට් එක ඇතුළෙ තිබුණා. දුම් මැහි කියලා මම අදහස් කළේ කුඩා කාමරවලට. කෙසෙල් කැන් නම් 300ක් 400ක් කාමරයක අඩුක් කරලා කෙහෙල් පරඬැල්වලින් දුම් ගහලා කාමරය සීල් කරලා වගේ වහලා තිබ්බම පලතුරු ටික දවස් දෙකක් තුනක් ඇතුළත ස්වාභාවික විදියට ඉදෙන්න ගත්තා.

Related image

එහෙම දුම් ගැහිලි පස්සට පහු නැතිවෙලා ගියේ කොළඹ නගර සභාව ඒ වැඩේ අනාරක්ෂිතයි කියලා අපිව දැනුවත් කළාට පස්සේ. අනාරක්ෂිත වුණත් පලතුරුවලට ඒ වැඩේ ආරක්ෂිතයි. ඔය කාලයෙදීත් මම පෞද්ගලිකව උත්සාහ ගත්තා නගර සභාවේ ඉහළ නිලධාරීන් එක්ක කතා කරලා මේ දුම්මැහි දිගටම පවත්වාගෙන යන්න. ඒත් ඒ අය අපිට හොඳ ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ. ඊට පස්සේ තමයි රසායනික ද්‍රව්‍ය භාවිත කරළියට ආවේ.

ඊතයිල් මිශ්‍ර රසායනික ද්‍රව්‍ය වර්ග කීපයක්ම වෙළෙන්දෝ භාවිත කළා. පෙළක් රසායනික ද්‍රව්‍ය තියෙනවා පැයෙන් දෙකෙන් පලතුරු ඉදවන්න පුළුවන් ඒවා. උදාහරණයක් ලෙස රෙඩ් ලේඩි කියන පැපොල් වර්ගය පැයෙන් ඉඳවන්න පුළුවන්. ඉතින් කවුද අකැමැති ගෙනැල්ලා බාලා පැයකට පස්සේ තමුන්ගේ භාණ්ඩ ටික මුදල් බවට පත් කරගන්න.

ලාච්චුවට සල්ලි වැටෙද්දී ගුණධර්ම, සාරධර්ම කියන ඒවා මිනිස්සුන්ට ඉබේම අමතක වෙලා යනවා. හැබැයි එතැනදි වෙළෙන්දාට විතරක් ‍ෙදාස් කියලා වැඩක් නෑ. බලයට එන ආණ්ඩු තීන්දු තීරණ ගන්න ඕන එළවළු පලතුරු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක ඉඳලා. ඕනෑම කෙමිකල් එකකට අවසර දෙන ආණ්ඩු තමයි මෙච්චර කාලයක් බලයට ඇවිල්ලා මෙහෙම විනාශයකට මඟ පෙන්නුවේ. මම මේ කියන්නේ 1968 අවුරුද්දේ ඉඳලා ලබාගත්ත අත්දැකීම් එක්ක.

මේ වැඩසටහන අපි පිටකොටුව මැනිං මාර්කට් එකට විතරක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපේ සමිතිය මුල් වෙලා ලංකාවේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි උත්සාහ දරනවා. එහෙම ආර්ථික මධ්‍යස්ථාන 15ක විතර සාමාජිකයෝ මේ මාසේ 12දා නුවරඑළියට රැස්වෙනවා.

අපි එතැනදී උත්සාහ කරන්නේ ලංකාව පුරා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව පලතුරු ඉදවීමේ කලාවක් හඳුන්වා දෙන්න. මෙතැනදී වෙළෙන්දන්ට වගකියන්න පුළුවන් වෙළෙන්දා ගාවට අරගෙන එන පලතුරුවලට පමණයි. වෙළෙන්දට විතරක් නෙවෙයි මේ පලතුරු ගැන ගොවියාටත් ලොකු වගකීමක් තියෙනවා. අස්වැන්න නෙළාගෙන වෙළෙන්දා ගාවට අරන් එන්න කලින් ගොවියා යම්කිසි රසායනික ද්‍රව්‍යයක් භාවිත කරනවා නම් එහි වගකීම වෙළෙන්දාට ගන්න බැහැ.

ඒකයි මම කලින් කිව්වේ රසායනික ද්‍රව්‍යවලින් තොර පලතුරු එළවළු වැඩසටහනක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි කියලා. ඉස්සර පලතුරු රසයි, ගුණයි. ඒත් වෙළෙන්දෝ හැටියට අපිම දන්නවා දැන් තියෙන පලතුරුවල එහෙම රසයක් ගුණයක් නෑ කියලා. ඒකයි අපි මේ විදියට මෙහෙම වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට උත්සාහ ගත්තේ.”

neth

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!