Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / ලංකාවෙන් මාරුවුනත් පුල්ලි මාරුවෙන්නේ නෑ කියන්නේ මේවට ඕස්ට්‍රේලියාවට ගිය නාකි මනමාලයා ළමයි දූෂණය කරලා

ලංකාවෙන් මාරුවුනත් පුල්ලි මාරුවෙන්නේ නෑ කියන්නේ මේවට ඕස්ට්‍රේලියාවට ගිය නාකි මනමාලයා ළමයි දූෂණය කරලා

ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු එරට බාලවයස්කාර දැරියන් සිව්දෙනෙකු දූෂණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුනිල් බටගොඩ නමැති 62 හැවිරිදි මෙම පුද්ගලයා මීට වසරකට ඉහතදී ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර බස් නැවතුම්පළක රැඳී සිටිමින් පාසල් සිසුවියන් මිතුරු කරගෙන තිබෙන අතර පසුව මෙම දැරියන්ට මුදල් හා තෑගිබෝග ලබාදෙමින් ඔවුන් තම නිවසට ගෙන්වා ගැනීමට හුරුවී තිබෙනවා.

මේ දැරියන් ඔහුගේ නිවසට ගෙන්වාගැනීමෙන් පසු ඔවුන්ට විවිධ මත්ද්‍රව්‍ය වර්ග ලබා දෙන අතර අවසානයේ දැරියන් මත්වූ පසුව ඔවුන්ව දූෂණය කිරීමට මොහු කටයුතු කර තිබෙනවා. මෙම තැනැත්තා කලාන්තරයක පටන් මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

වරින්වර මෙම දැරියන් දූෂණය කර ඔවුන්ට මුදල් ලබාදීමත් නිසා මෙම සිදුවීම් කිසිවෙකුත් දැනගෙන නැහැ.

දැරියන් දූෂණය කරන අවස්ථා වීඩියෝගත කිරීමටද මොහු කටයුතු කර තිබෙනවා. පසුගිය දිනෙක මෙම අතවර විඳින එක් දැරියකගේ පියෙකු ෆේස්බුක් ඔස්සේ හුවමාරුවූ ඡායාරූප කිහිපයක් හා වීඩියෝ කණ්ඩයක් දැක එහි සිටින්නේ තම දියණිය හා වයෝවෘද්ධ පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙන අතර ඒ පිළිබඳව දියණියගෙන් විමසීමක් කර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දීමෙන් පසු මොහු අත්අඩංගුවට ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

මෙම පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේදී ළාබාල තරුණියන් හතරදෙනෙකු අවස්ථා ගණනාවකදී ඔහු අතින් දූෂණය වන ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක්ද සොයාගත් බව කැන්බරා පොලිසිය පවසනවා. මෙම දැරියන් වයස අවුරුදු 14-15 අතර ඕස්ට්‍රේලියානු ජාතිකයන් වනවා.

ඕස්ට්‍රේලියානු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සුනිල් බටගොඩ නම් මෙම පුද්ගලයා 2018 පෙබරවාරි 19 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර ඔහුට ලැබෙන දඩුවම එදින තීරණය කරනු ලබනවා

මෙම සිද්ධිය ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා බොහෝ ප්‍රමුක මාධ්‍ය මගින් නම්ගම් හා සියලු විස්තර සහිතව මේ වනවිට ප්‍රචාරය කර අවසන්. මේ හේතුවෙන් අප රටට විශාල අපකීර්තියක්ද අත්කරදී තිබෙන බවයි එරට සිටින ශ්‍රී ලාංකිකයන් පවසන්නේ.

 

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!