Breaking News
Home / දේශීය පුවත් / ලංකාවට නොලැබුන හොදම නායකයා, ලංකාවේ ඉතා ක්ශ්‍රේෂ්ඨ නායකයෙක් රනිල් – මංගල

ලංකාවට නොලැබුන හොදම නායකයා, ලංකාවේ ඉතා ක්ශ්‍රේෂ්ඨ නායකයෙක් රනිල් – මංගල

රාජ්‍ය ආයතන වල පලිගැනීම් පිළිබද සොයා බලන කොමිසමට පැමිණි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන එජාපය පිළිබද මාධ්‍යවේදීන් විමසු විට ඔහු පවසා සිටියේ ඔහු එජාපයෙන් ඉවත් නොවූ බවත් ඔහු සැමදා එජාපයේ බවත්ය.

එසේනම් සමගි බලවේගයේ අපේක්ෂකයකු වුයේ ඇයි දැයි ඇසු විට ඔහු පැවසුවේ එය එජාපය නොවන නිසා පසුව ඉල්ලා අස්වූ බවයි. එසේම එජාප නායකයා වන්න අදහසක් නැතිද යන්න ඇසු විට පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා කිව්වොත් සලකා බලන බවයි.

එවිට මාධ්‍යවේදීන් විමසුවේ රනිල් ගැන මොකද්ද කියන්න තියන්නේ යනුවෙන්. එවිට මංගල හිටපු ඇමතිවරයා පැවසුවේ රනිල් යනු ලංකාවේ බිහිවූ ක්ශ්‍රේෂ්ඨ නායකයෙක් බවයි. ඔහුගේ ජිවිත කාලයම එජාපය රැකගන්නට බිදී නොයන්නට සියලු කැපකිරීම් කල බව කෙලින් කිව යුතු බව පැවසුවා. එසේම ලංකාවට නොලැබුන හොදම නායකයා රනිල් බවද කෙලින් කියන බව පැවසු එතුමා චන්ද්‍රිකාද අදත් ඔහුගේ හොදම මිතුරිය බවද පවසා සිටියා.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!