Breaking News
Home / දේශීය පුවත් / රූමස්සල උණවටුන විනාශ කරමින් ඉදිවන විධායකයාගේ අරලිය හෝටල් සමුහය

රූමස්සල උණවටුන විනාශ කරමින් ඉදිවන විධායකයාගේ අරලිය හෝටල් සමුහය

මෙරට පරිසර අමාත්‍යවරයාගේ සොහොයුරා වන ඩඩිලි සිරිසේන මහතා විසින් රූමස්ල එෛතිහාසික පරිසර පද්ධතියට යාවන උණවටුන මුහුදු තිරයෙ වනසමින් ඉදිකරන හෝටල් ව්‍යාපෘකියක් නිසා රූමස්සල, උණවටුන, බොනවිස්ටා කොරල් පරය ඇතුලු පරිසර පද්ධතියට සිදුවෙිමින් පවතින විනාශය සමිබන්ධව සටහනක් තැබීමෙි අරමුණිනි.

2017 වර්ශයේ මැයි 04 වන දින අයෝජන මංඩලය සමග සකසා ගත් එකගතාවයක් මත මෙි වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ උනවටුණ යද්දෙහි මුල්ල ප්‍රදෙශයේ අක්කර දහයකුත් පර්චස් 6.1 භූමි භාගයක අරලිය හොටෙල් බිචි උණවටුන පුද්ගලික සමාගමට අයත් කාමර දෙසිය පණහකට වැඩි දැවැන්ත හෝටලයක් ඉදිවෙිමින් පවති. සොබාවික සෙෘන්දර්යෙන් හා ඉතාමත් ඉහළ පාරිසරික වටිනාකමින් යුත් ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට අරලිය බීචි හොලටය විසින් අත්පත් කර දී ඇත්තේ දැවැනත් පරිසරික හානියකි.

අතාර් සී ක්ලාක් විද්වතාන්න විසින් සිය දිවායේ වැඩි ප්‍රමාණයක් ගත කරන ලද්දදේ රූමස්සල හා උණවටුන ප්‍රදේශයේ බවත් ඔහු විසින් ලියන The Viwe from Serendip නමි කෘතියේ සදහන් වෙි .පාරිසරික වශයේන ඉතාමත් වැදගත් වූ උණවටුන අවට ප්‍රදේශයේ සිය පර්යේශණ කාලය අතර තුර ලියන ලද ලිපි කියවීමෙින් 1972 පසුව පමණ විදේශකයන් එක්කේනා දෙදෙනා බැගින් කලින් කලට මෙම ප්‍රදේශයට එන්නට ගත් අතර ලෝකයේ සංචාරකයින්ගේ මිහිරිමි වෙරළ තීරවලින් එකක් ලෙස අදටත් උණවටුන වෙරළ තීරය හැදින් විය හැකිය.

එදා මෙිදා තුර මෙම වෙරළට පැමිණි ලක්ෂ සංක්‍යාත විදේශිකයන්ගේ ලැගුමි හල් වූයේ නිවාස අශ්‍රිතව කරගන යනු ලබන සංචාරක කර්මාන්තයයි. එම නිසා උණ වටුන වෙරළ තීරය ප්‍රජා මූලීක පාරිසරික සංචරනය වෙනුවෙන් ලොව තිබෙින සුවීශේෂි ස්ථානයකි.

උණවටුන මුහුදු තීරයට යාබාද ඉදිවන අරලිය හෝටල් සංකීරණය නිසා මෙම ප්‍රදේශයට අත්වන්නේ බරපතල පාරිසරික විනාශයකි. ආතර් සී ක්ලාක් විද්වතාන්න විසින් ලියන ලද බොහෝ පර්යේෂණ පත්‍රිකාවාල රූමස්සල හා උණවටුන අවට ප්‍රාදේශයේහි විවිධ ගූරුත්වා කර්ශන තත්වයන් හා එහි වෙනස් විම සමිබන්ධව දක්වා ඇත.

ඒ අනුව තටිටු 16 පමණ උස ගොඩ නැගිල්ලක් නිසා මෙම ප්‍රදේශයේ හා 2003 වර්ෂයේ අංක 1269ර/25 යටතේ අභය භමියක් ලෙස නමිකරන ලද රූමස්සල ඉදිරියේදි දැවැන්ත හානියක් සිදු විය හැකිය. දැනටමත් අරලිය හොටලයේ ඉදිකිරීම් කරගන යන අතර බර යන්ත්‍ර භාවිතය නිසා ප්‍රදේශයම දෙදුරුමි කෑමට ලක්වෙිමින් ඇත.

වසර මිලියන ගණනක් පුරා නිර්මාණය වූ ඉන්දියාවෙි වෙස්ටන් ගාටිස් තීරයට ඉතිමත් සමිප පංශු අවධින් මෙහි දැකගැනීමට හැකිවන අතර මහද්වීප ප්‍රලවනය සිදුවූ අකාරය සමිබන්ධ පර්යේෂණ කිරිමට ලොව ඉතිරි වී ඇති ඉතාමත් වැදගත් ස්ථානයක් මෙි මහා පරිමාණ හෝටල් ව්‍යාපාතිය නිසා විනාශ වී යනු ලබයි .

එමෙන්ම මෙම විශාල ගොඩ නැගිලි ඉදිකිරීම නිසා පුරාණ පාංශු පද්ධතිය මෙි වන විටක් දෙදුරුමි කැමට ලක්වන අතර රූමස්සල ප්‍රදේශය මුහුදට වඩා වෙිගයෙන් ඛාදනය විමත් මුහුදට නාය යෑමෙි අවදානයත් මෙමගින් ඇති වෙිමින් ඇත. 2011 වර්ෂයේ ලොව පුරා ගුරුත්වාකර්ෂණය සමිබන්ධ සිදුකරන ලද පර්යේෂණ අනුව ලොව අඩුම ගූරුත්වාකර්ෂණයක් ඇති ස්ථානයක් ලොස ලංකාවෙි රූමස්සල ප්‍රදේශය හා උණවටුන අවට ප්‍රදේශය නමිකර ඇති අතර මෙි රටෙි ජනපතිගේ අනුමැතියෙන් විනාශ වන්නේ එවැනි සුවිශෙසි ස්ථානයකි.

හොටලය ඉදිවන මෙම ප්‍රදේශය පරිසරික විද්‍යාත්මක ඉතා සුවිශේෂි වන්නෙ කඩොලාන වනාන්තර පසෙකින්ද හොටලය මායිමි වන ප්‍රදේශය වන රූමස්සල වෙිස්ටන් ගාටිස් හි ඇති ශාඛ පද්ධතියට සමාන වීමද තවත් පසකින් පෘතුගිසි භාෂාවෙන් හෙදට දැකිය හැකි (Bouno Vista) යන අරුත දෙන කොරල් පරය ඇතලු සුවිශේසී පරිසර පද්ධති ගණනාවකින සමන්විත වීම නිසාය .

හේාටලය ඉදිව පරිශ්‍රය තුල ජාතික වශයෙන් අවධානමට ලක්ව ඇති ශාක විශේෂ කිහිපයක් දැක ගත හැකි අතර මල් කඩොල් (Bruguiear sexangula) මූන මල් (Mimusops elengi) දිය දග (Dolichandrone spathacea) ආදි ශාක ඇතලු ශාක විශේෂ සියයකට අධික ප්‍රමාණයක් දැක ගත හැකිවෙි.

එමෙන්ම 2012 රතු දත්ත වාර්ථාවට අනුව දැඩි වදවීමෙි තර්ජනයට ලක් වූ ශාකයක් වන මූදු දෙලුමි (Xylocarpus rumphii) ශාක කිහිපයක් වැල්ලේ දේවාල භූමියේ හා මෙම හොටලය ඉදිකරන භූමියේ දක්නට ඇත, අධික ලෙස වද වීමෙි තර්ජනයට ලක්ව ඇති මෙම ශාක දැනට ලංකාවෙි වාර්ථා වන්නේ ශාක 08 අඩු ප්‍රමාණයකි. මෙවැනි අති දුර්ලබ පුරාණ ලෝකයේ ශාක ලෙස හැදින්වෙන මෙම ශාක මුලු ලෝකයෙන්ම වදවී යන අතර එය ආරක්ෂා කල යුතුව තිබුනත් පරිසර අමාත්‍ය වරයා සිය සොයුරාගේ හොටල් උවමනාව වෙනුවේන මෙම ශාක පිහිටා ඇති අවසාන භුමියද මෙිසේ විනාශ කිරීමට ඉඩලබා දී තිබෙි .

ප්‍රදේශය වාසය කරගනිමින් ජීවත් වන සත්ව විශෙෂ අතර ජාතික වශයෙන් අවධානමට ලක් වු පළමු වරට Herrich-Schäffer 1869 වර්ශයේදි සොයාගන්නා ලද සමනල් විශෙෂයක් වන Dark palm dart (Telicota ancilla) ඇතුලු සත්ව විශේෂ ගණනාවක් වාර්ථා වන අතර කුරුලු ගොයා (Accipiter badius ) වැහි ලිහිනියා (Hirundo sp:) රත් මුහුනත් කොටිටොරුවා (Magalaima zeylonica) ඇතුලු කුරුලු විාශේස ක්ෂිරපායි හා උරග විශේෂ ගණනාවක් වාර්ථා වන අතර මෙිම හෝටලය සමිබන්ධව සිදුකරන ලද පරිසර අධ්‍යයන වාර්ථාවද නිසි අධ්‍යයනක් සිදු නොකර සකසන ලද්දකි බව පෙනී යයි.

එමෙන්ම මෙම හොටල් ඉදිකරන පරිශ්‍රය තුලින් මුහුදට ගලා බසින ලද ඇල මාර්ගයක් තිබු අතර දැනට එය අවහිර වී ඇත. 2019 වසරේ ජුනි මසයේදි වෙරළ සංරක්ෂණ දෙපාර්තමෙින්තුව හා මෙම හොටලයේ හිමිකරු වන ඩඩිලි සිරිසේන හා වැල්ලලේ දේවාලය අවට ගමිවාසීන් විසින් එක්ව කරන ලද සාකචිචාවකට අනුව දැනට ඔලන්ද ඇලෙහි සිරවී ඇති අප ජලය බොනවිස්ටා කොරල් පරය ඇති මුහුදු සීමාවට මුදාහැරීම සදහා හෝටල් හිමි කරු විසින් අදහස් කර ඇති අතර ගමිමුන් එයට විරුද්ධ වී ඇත.

නමුත් මෙහි බරපතලම කාරණය වන්නේ හෝටලය ඉදිකිරිමෙන් අනරුව එහි අප ජලය සියයට 60 පිරිපහදු කර මුහුදට මුදා හරින බව පරිසර වාර්ථාවෙි සදහන්වෙි. ජලය පිරිපහදු කිරිම රසායනික හා කබානික වශයෙන් සිදුකල යුතු අතර ඒ සදහා අධික වියදමන් වැයවෙි. ඒ අනුව හොටලය ඉදිකිරිමෙන් අනතුරුව සිය හොටලයෙන් නිකුත් වන අප ජලය බොනවිස්ටා කොරල් පරය ඇති මුහුදු සීමාවට මුදාහැරීමට මෙම හිමිකරුවන් කටයුතු කල හොත් ඒමගින් දැඩි හායනයට ලක්වී ඇති බොනවිසටා කොරල් පරය හා එහි ඇිති පොලිප් ජීවීනටත් මසුන් විශේෂ වලටත් දැඩි හානියක් සිදුවෙි.

බොනවිස්ටා කොරල් පරය ලොව හමුවෙි ඉතාමත් වැදගත් වුයේ 2004 වර්ෂයේ සූනාමිය ව්‍යවසනයට පෙර ලොක කොරල් පර සමුහිකයේ සභාපති වූ තොමස් ගොරෝ විසින් ලියන ලද පර්යේශණ වාර්ථා වල මෙහි මෙම කොරල් පරය ආශ්‍රිත සත්ව විශේෂ 480 වැඩි ප්‍රමාණයක් පිළිබද සදහන් කර ඇති අතර එවකට ලංකාවෙි කිසිදු කොරල් පරයක් ආශ්‍රිතව වාර්ථා නොවුන මුහුදු සත්ව හා ශාක විවධත්වය වාර්ථා වුයේ බොනවිස්ටා කොරල් පරය ආශ්‍රිතවයි.

සුනාමියෙන් දැවැන්ත හානියක් උවද අදටත් සැලකිය යුතු මුහුදු ජීවින් හා මුහුදු ශාක මෙන්ම සීමිත කොරල් ප්‍රමානයක් මෙම ප්‍රදේශයේ දැක ගැනීමට හැකීවි . හොටල් ඉදිකිරීම හා අපදව්‍ය මුහුදු ජලයට එක් කිරීම බොනවිස්ටා කොරල් පරය හා අවට ශාක හා සත්ව විශේෂත් එම ප්‍රදේශයෙන් සදහට වියකී යාම මෙම හොටල් ව්‍යාපාතියත් සමග දැනටමත් ආරමිබ වී ඇත. මෙම ප්‍රදේශයට අවශ්‍ය වන්නේ දැවැන්ත හොටල් නොව පරිසර සංරක්ෂණ වැඩ පිළිවලිකි.

ඒ සියල්ල එසේ තිබියදිත් සිය සහෝදරයාගේ අවශ්‍යකාවය වෙනුවේන් සිය බලය හා පරිසර ආමාත්‍යංශ ඇතුලු වග කිව යුතු ආයතන් මෙම මහා පරිසර සංහාරය සදහා මෙිහෙයවමින් තිබෙි .

ඒ අනුව පරිසර අමාත්‍යවරයා වන ජනාධිපති වරයා හා ඔහුගේ සොහෙයුරා විසින් මෙිරට පරිසර නිතිය අමු අමවෙි උල්ලංඝනය කර ඇති අතර වනසත්ව හා රුක්ෂලතා ආඥා පනත අනුව වදවී යාමෙ තර්ජනය ඇති සත්ව හෝ ශාක වලට හානි කිරීම එහ පනත යටතේ දඩවමි ලැබිය හැකි වරදිකි. මෙම හොටල් සංකීරණය නිසා එහ සත්ව හා ශාක විනාශ වන බව හා ඔහුන් ගේ නිජභූමිය විනාශ වන බව ඉහතදී පෙන්වා දෙන ලදී .

රූමස්සල අභය භුමියට හානි වෙන පරිදි ඉදි කිරීමි කිරීම හා කැලි කසල බැහර කිරීම වැනි ක්‍රියා ජාතික පාරිසරික පනත අනුවත් නීති විරෝධි වන අතර එම නිති වීරෝධි ක්‍රීයාවන්ට එරේහිව අධිකරණ ක්‍රීයාමර්ග වලට යැහැකි නමුත් පරිසර අමාත්‍යංශයේ මුල් පුටුව හිමි වන්නේද මෙරට ජනාධිපති වරයාටය . සිය සහොදරයා විසින් කරන්නා වූ මෙම පරිසර විනාශය ජනාධිපති හා පරිසර ඇමතිවන සිය සහොදරයා විසින් ආරක්ෂා කරමින් ඇත.

රටක සෙබාවික සමිපත් ඇත්තේ පවුල් පාලනයට යටකරමින් විනාශකර දැමිමට නොව. මෙම හොටලය ඉදිකිරීමෙන් විනාශවන්නේ ඒ අවට පරිසරය පමණක් නොව වසර 35 වැඩි කාලයක් හික්කඩුවෙි ජනතාව ජීවත් වූ සිය ජීවන මාර්ගයයි. එම නිසා මෙරට නිතිය අතට ගෙන පරිසරය හා ජන ජීවිතය නසන මෙිව ක්‍රියා නැවැත්විම වෙනුවෙන් ජනතාව පෙළගැසිය යුතුය. – රවීන් u කාරියවසමගේ සටහනක්

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!