Breaking News
Home / දේශීය පුවත් / රූකාන්ත ඇමරිකාව අතහැර දේශපාලනයට. එජාපයෙන් නව සංවිධායකයින් 6 ක් සිරිසේනගේ ප්‍රභලයෙක් එජාපෙට. මිගමුව කාවින්දට හිටපු සංවිධායකගෙන් විරෝධය

රූකාන්ත ඇමරිකාව අතහැර දේශපාලනයට. එජාපයෙන් නව සංවිධායකයින් 6 ක් සිරිසේනගේ ප්‍රභලයෙක් එජාපෙට. මිගමුව කාවින්දට හිටපු සංවිධායකගෙන් විරෝධය

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලූ දෙනා සිය වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇති බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එලෙස ඒ වගකීම් ඉටු නොකරන සංවිධායකවරු සිටී නම් ඔවුන් සම්බන්ධව ගතයුතු පියවර කුමක් දැයි තම පක්ෂය තීරණය කර තිබෙන බව වැඩිදුරටත් පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ ඊයේ (11) දින අරලියගහ මන්දිරයේදී එජාප නව සංවිධායකවරු 06 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කරමිනි.ඒ අනුව ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙනිය නව ආසන සංවිධායක ලෙසත්, පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා මීගමුව සංවිධායක ලෙසත් ලලිත් දිසානායක මහතා අරනායක නව සංවිධායකවරයා ලෙසත් තිලිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පාතදුම්බර ආසන සංවිධායක ලෙසත් මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත් ඩීඑම්යූබී විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත්කරන ලදී.

නමුත් අද දිනයේ මිගමුව හිටපු සංවිධායක රොයිස් ප්‍රනාන්දු මාධ්‍ය සාකච්චාවක් පැවැත්වූ අතර ඔහු පවසන්නේ ඔහු දැනුවත් නොකර ඔහු ඉවත් කර කාවින්ද ජයවර්ධන පත්කිරීම පිළිබද විරෝධය පලකරන බවයි. රොයිස් ප්‍රනාන්දු පසුගිය 2015 මහා මැතිවරණය සමයේ කොල්ල කෑමේ සිද්දියකට චෝදනාවක් මත බන්ධනාගාරගතවද සිටියා.

About article14

Check Also

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!