Breaking News
Home / දේශීය පුවත් / රු දෙවිවරුත් වැඩ වර්ජන කරන හණමිටි යුගයක් ඇති රටේ ළමුන්වවත් ටැබ් ලැප්ටොප් යුගයට ගෙන යා යුතුබව ඉදිරිය දකින විදුහල්පතිවරු පහදයි

රු දෙවිවරුත් වැඩ වර්ජන කරන හණමිටි යුගයක් ඇති රටේ ළමුන්වවත් ටැබ් ලැප්ටොප් යුගයට ගෙන යා යුතුබව ඉදිරිය දකින විදුහල්පතිවරු පහදයි

පාසැල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමේ යෝජනාවට විරුද්ධ වෙන්නේ දේශපාලන අරමුණක් මත බව විදුහල්පතිවරුන් හා ගුරුවරුන් චෝදනා කරයි.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදිමට යෝජනාවක් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එය මුලින් අනුමත වුවද පසුව එය කැබිනට් මණ්ඩලය විසින්ම තාවකාලිකව අත්හිටුවන ලදි.

එසේ අත්හිටුවන ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මතය. එම මුදල ආර්ථික කටයුතු වෙනුවෙන් යොදන ලෙසද උපදෙස් දි තිබුනි.

නමුත් නව තාක්ෂණය යටතේ ලෝකයේ රටවල් ක්‍රියාත්මක වෙද්දි ලංකාවේ සිසුන් ඒ වෙනුවෙන් යොමු නොකර පන්ති කාමරවල පොත් බෑගයට සිරකර තැබිම කණගාටුවට කාරණයක් බවද ගුරුවරුන් සඳහන් කරයි.

මේ නිසා දේශපාලන ප්‍රශ්න මත සිසුන්ට ලැබෙන්නට තිබෙන වරප්‍රසද නැති නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙන්ම අගමැතිවරයාගෙන්ද ඉල්ලා සිටින බවද විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමාපියන්ද ඉල්ලා සිටියි.

About article14

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!