Breaking News
Home / දේශීය පුවත් / රුසියාවෙන් සල්ලි දීලා පරණ නැව් ගන්න යන අස්සේ ඇමරිකාවෙන් ලංකාවට නොමිලේම නැවක් ප්‍රධානය කරයි.

රුසියාවෙන් සල්ලි දීලා පරණ නැව් ගන්න යන අස්සේ ඇමරිකාවෙන් ලංකාවට නොමිලේම නැවක් ප්‍රධානය කරයි.

එක්සත් ජාතික පෙරමුණු රජයයන් යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු 4 වන නෞකාවද මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාරදී තිබේ.

වර්ෂ 2002 දි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් පිහිටවනු ලැබු රජය යටතේ ඇමරිකානු කරේජස් නෞකාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරනු ලැබීය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුව එය සයුර නෞකාව ලෙස නම් කරන ලදි.

යහපාලන ජාතික රජය යටතේ ජපන් රජයෙන් වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් ද ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරිමට පියවර ගනු ලැබින.

ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයද තවත් වෙරළාරක්ෂක නෞකාවක් පසුගිය 29 දා ශ්‍රී ලංකාවට පිරිනමන ලදි. මේ අනුව එක්සත්ජාතික පෙරමුණු රජයයන් යටතේ නවීන පහසුකම් සහිත නෞකා හතරක් ලංකාවට ලබා ගැනීමට හැකිවූ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ රුසියාවෙන් අධික මිලකට බාවිතා කල නැවක් ලංකාවට ගෙන ඒමට මේ රජයේ ප්‍රභල පාර්ශවයක් හා මාධ්‍ය ආයතනයක් උත්සහා කල රටම දන්නා රහසක් බවට පත්ව ඇති පසුබිමකයි මේ නෞකාව ලංකාවට ලැබී ඇත්තේ

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!