ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් චීනයෙන් ලබා ගැනීම සදහා ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.
මෙහි කටයුතු අගමැති හමුවූ චීන විශේෂ නියෝජිත යං ජියේෂිගේ සාකච්චාව අතරතුර වූ බවයි වාර්තා කරන්නේ. මේ චීන නියෝජිතයා චීනයේ දෙවන ප්‍රභලම පුද්ගලයා ලෙස සලකන අතර ඔවුන් නිරෝධායනය කිරීමටද නොහැකි තරමේ ප්‍රභලයෙක් බවයි සෞඛ්‍ය ඇමති පවිත්‍රා පාර්ලිමේන්තුවේදීද පැවසුවේ.
වසර 10 කින් නැවත ගෙවීමේ සහනයක් මත ලබා දෙන මේ ණය මුදල විශේෂයෙන්ම කොවිඩ් උවදුර නිසා ලංකාවට සිදුව ඇති ආර්ථික පසුබෑම ඉහල නංවා ගැනීමට උපකාරී වන ලෙස ලබා දෙනු ඇතයි පුවත්පත වාර්තා කර තිබෙනවා. මෙම නය මුදලේ ශ්‍රී ලංකා රුපියල් දල වටිනාකම කෝටි 9000 වැනි අති විශාල ණයක් වෙයි.