Breaking News
Home / දේශීය පුවත් / ප්‍රිය සම්භාෂණ රැසකට සහභාගී වීමට චීන ආහාර සමුළුවකට යයි රටම බියවී ඇති විට රටේ ප්‍රධානියාගේ ආතල්

ප්‍රිය සම්භාෂණ රැසකට සහභාගී වීමට චීන ආහාර සමුළුවකට යයි රටම බියවී ඇති විට රටේ ප්‍රධානියාගේ ආතල්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ චීනයේ සංචාරයක නිරත වේ. චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක නිරත වන්නේ ආසියානු කලාපයේ ශිෂ්ඨාචාරයේ සංවාදය සමුලූව සදහා සහභාගී වීම සදහාය.

චීන සමූහ ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යාංශය යුනිස්කෝ සංවිධානය සමග ඒකාබද්ධව සංවිධානය කරන මෙම සමුලූව මේ මස 15 වන දින චීනයේ බීජිං අගනුවරදී පැවැත්වේ.

චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹෙන සමුලූව උප සැසිවාර හයකින් සමන්විතය. ආසියානු ශිෂ්ඨාචාරය (සංස්කෘතිය) වෙනස් වීම හරහා කලාපයේ රටවල් අතර ඇතිවන අවබෝධය සමුලූවේදී ප‍්‍රධාන තේමාවක් ලෙස ඉදිරිපත් කෙර්.

ඊට අමතරව ආසියානු සංස්කෘතික සංදර්ශනය ආසියානු ශිෂ්ඨාචාරය (සංස්කෘතිය) සතිය සහ ආසියානු ආහාර උත්සවය සමුලූවට සමගාමීව පැවැත්වෙන ප‍්‍රධාන අංශ ලෙස දක්වයි.

ලෝක නායකයින් ඇතුලූව ඉහලම රාජ්‍ය තාන්ත‍්‍රිකයින් 1500ක් සමුලූව සදහා ආරාධනා ලැබ සිටිති. ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විදේශ සංචාරයක් සදහා නිර වන පළමු අවස්ථාව මෙය වේ.

එසේම මෙය ප්‍රිය සම්භාෂණ උත්සවයක් වන අතර ආර්ථික හෝ විපතට පත්වූවන් නැවත ගොඩ නැගීම සදහා යන සංචාරයක්ද නොවේ.

සරල භාෂාවෙන් පවසනවා නම් ඔහු පවසන ආකාරයට තවමත් ත්‍රස්තයන් 149 ක් රටේ සිටියදී දෙස් විදෙස් ජිවිත 250 මිය ගොස් ඇති විට රට සහ ලෝකය කම්පා වී ඇති අවස්තාවක ආර්ථිකය හා සංචරක ව්‍යාපාරය බින්දුවට වැටි ඇති අවස්තාවක රටේ නායකයා යන පුද්ගලයා සතුටුවීමේ විනෝද චාරිකාවකට සහභාගී වීම පිළිබද ජනතාව ගැඹුරින් සිතා බැලිය යුතුයි.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!