Breaking News
Home / Video / රැකියාව අහිමිවී ලක්ෂෙකින් පටන් ගත්ත බිස්නස් එකෙන් අද කෝටි තුනක් හොයන කැනඩාවේ බිස්නස් කරන තරුණ ලාංකිකයා මාසෙට

රැකියාව අහිමිවී ලක්ෂෙකින් පටන් ගත්ත බිස්නස් එකෙන් අද කෝටි තුනක් හොයන කැනඩාවේ බිස්නස් කරන තරුණ ලාංකිකයා මාසෙට

කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකීක තරුණ ව්‍යවසායකයෙකු වන කමාජ් සිල්වා, එරට නාලිකාවක විකාශය වන සුලු පරිමාණ ව්‍යාපාරිකයින්ට කෝටිපති ව්‍යාපාරිකයින් විසින් ආයෝජන පහසුකම් සැලසීමට අදාල Dragons’ Den නම් වැඩ සටහනේදී එහි පැමිණ සිටි ව්‍යාපාරිකයින් පුදුම කරවීමට සමත්වී ඇතැයි වාර්තා වී තිබේ.

වසර කිහිපයක් අලෙවිකරණ ක්ෂේත්‍රය තුල රැදී සිට පසුව සිය රැකියාව අහිමි වී සිටි අවස්ථාවේදි පැමිණි අදහසක් අනුව ඩොලර් 700ක් ආයෝජනය කර ආරම්භ කල ඔහුගේ මෙම ව්‍යාපාරය (Sneakertub) මේ වනවිට ඩොලර් 200,000ක ආදායමක් ජනනය කිරීමට සමත්ව ඇත.

ප්‍රසිද්ධ සන්නාම යටතේ වෙළඳපොලට එන නවතම විලාසිතාවන්ගෙන් යුතු පාවහන්, මේස්, ඇගලුම්, හිස්වැසුම් සහ වෙනත් පැළදුම් සහිත පෙට්ටියක් මාසයක් පාසා සිය ගණුදෙනුකරුවන්ගේ නිවසට ගෙන ගොස් දීම ව්‍යාපාරයයි.

ඔහුගේ එම ව්‍යාපාරය වැඩි දියුණු කරගැනීම සඳහා කොටස්කරුවකු සොයමින් සිටියදී කමාජ් මෙම වැඩසටහනට සම්බන්ධ වනවා. එහිදී ඔහුගේ ව්‍යාපාර අදහස දැක උද්දාමයට පත්වන කෝටිපති ව්‍යාපාරිකයින් විවිධ යෝජනා ඉදිරිපත් කරනු ලබන අතර ඔහු ඉන් අතරින් එක් අයෙකු තෝරා ගනු ලබනවා.

කමාජ් සම්බන්ධ වූ එම වැඩසටහනේ වීඩියෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!