Breaking News
Home / දේශීය පුවත් / රාවතාවත්තේ සිද්දිය ජාතික ආරක්ෂාව දුර්වල බව පෙන්වා මැතිවරණයේදී වාසි ලබා ගන්න කුමන්ත්‍රණයක්දැයි සැකයක්

රාවතාවත්තේ සිද්දිය ජාතික ආරක්ෂාව දුර්වල බව පෙන්වා මැතිවරණයේදී වාසි ලබා ගන්න කුමන්ත්‍රණයක්දැයි සැකයක්

ගෝඨාභය රාජපක්ෂ යනු එක්සත් ජාතික පක්ෂයට ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයා බවත්, මේ නිසා ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සජිත් ප්‍රේමදාසට වඩාත් වාසිදායක බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

ලෝක ඉතිහාසයේ, ලංකා ඉතිහාසයේ වැඩිම පීඩනයට ලක්වූ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තියෙනවා. මේ ලෝක ඉතිහාසයේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන, මෙතරම් චෝදනා තිබෙන, මෙතරම් රාජ්‍ය දේපල අවභාවිතා කරපු වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ලෝකයේ නෑ. යනුවෙන් මනුෂ පවසනවා.

දැන් ඔය බය නැති ගෝඨා කියලා කියනවානේ. බය නැතිනම් මේ නඩුවලට මෙතරම් බය වෙන්නේ ඇයි? වැරදි කරලා නැති නම් මේ තරම් බය වෙන්නේ ඇයි? නඩුවලට වාරණ ගන්නවා. වැරදි කරලා නැති නම් බය නැතිව නඩුවලට පෙනී ඉන්න ඔ්න. වැරදි කරලා තියෙන බව දන්නා නිසා තමයි මේ විදියට නඩු මග අරිමින් ඉන්නේ.

සිංහල ඡන්ද පදනම, තමන්ගේ ඡන්ද ගුලක් බවට පත් කරගෙන අනෙක් ජාතීන් පීඩාවට පත් කරලා, සිංහල ඡන්ද ගොඩින් සියයට හැටක් හැත්තෑවක් ගන්න ජාතීන් අතර භේධ ඇති කරන මේ අය තමයි. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තැන තැන බෝම්බ තියෙනවා කියලා ප්‍රචාර යවලා, පාසල්වලට ගහනවා කියලා ප්‍රචාර යවලා බියක් ඇති කළේ මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු තමයි.

හෙට දවසේ මේ මැතිවරණයට පෙර තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් බෝම්බයක් වුනත් තියන්න වුනත් මේ අයට පුලුවන් කියලා අපිට හිතෙනවා. තමන්ගේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අහිංසක පුද්ගලයින් භාවිතා කිරීමට මොවුන්ට හැකියි. ඒ පහුගිය මිනුවන්ගොඩ කුරුණෑගල වගේ සිද්දි වලදී මොවුන්ගේ ප්‍රභාලයන් එහි ඉන්නවා වීඩියෝ පවා තියෙනවා.

රට වෙනුවෙන් තමන්ගේ අත් පා අහිමි කරගත් රණවිරුවන් තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට මේ අය භාවිතා කළා. තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන් මොවුන් ඔ්නම දෙයක් කිරීමට සුදානමින් ඉන්නවා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බොරු බියක් ඇති කිරීමට තමයි මේ අය කටයුතු කරන්නේ.

රාජපක්ෂ කදවුර පෙන්වන්න හදන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී ඉන්න එකම කණ්ඩායම තමන් කියලා පෙන්වන්න තමයි මොවුන් හදන්නේ. ඒ නිසානේ හිටපු හමුදාපතිවරයෙක් මැතිවරණයට ඉදිරිපත් වන විට භූමිතෙල් ගෑවුණ ගැරඩියෙක් වගේ කටයුතු කරන්නේ යනුවෙන් මනුෂ පැවසුවා.

කෙසේ වෙතත් මේ අතර වාර්තා වුයේ මැතිවරණ උණුසුම අස්සේ එය ව්‍යාකුල කිරීම සදහා අන්තවාදී ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි වාර්තාවක් ලැබී ඇති බවයි. එසේම මැතිවරණ පැවැත්වෙන අස්සේ රටවල් වලට රිංගන ඇමරිකන් CIA හිටපු ප්‍රධානියකුට අයත් ගුවන් යානයක් කටුනායකට පසුගීය 28 පැමිණ ඇති අතර එහි රැගෙන ආවේ මොනවාදැයි හෙළිවී නැ.

එසේම පසුගිය කාලයේ මෙවන් ගුවන් යානා පැමිණි විට කැ මොර දෙන දේශප්‍රේමී කටවල් මේ ගැන මික් සද්දයක් නැතිවීමද පුදුමයට කාරණයක්. එම ගුවන් යානා සමාගමෙන් වරෙක විමසු විට පවසා ඇත්තේ පුද්ගලික සේවාදායකයකුට අවශ්‍ය භාණ්ඩ වගයක් රැගෙන ආ බවයි.

එසේම ඊයේ (4) දිනයේදී රාවතාවත්තේ අත්බෝම්බ 3 තිබී හමුවී ඒවා නිෂ්ක්‍රිය කර ඇති අතර ගාලු පාරේ යම් කලබලයක් එයින් ඇතිවී තිබෙනවා. යම් පාර්ශවයන්ට අයත් පාතාල සාමාජිකයන් වැන්නන් පවා යොදාගෙන ජාතිකා ආරක්ෂාව දුර්වල බව හුවා දක්වා මැතිවරණ වාසියක් ගැනීමට පාර්ශවයක් කටයුතු කරනවාදැයි ආරක්ෂක අංශ වලට සැකයක් ඇති බව වාර්තා වෙයි.

එසේම නොවැම්බර් 17 වන තුරුම පොලිස් හා ආරක්ෂක ඇමති වන්නේ ජනාධිපතිවරයා වන අතර ගිය සතියේදී මහින්ද මහතාගේ පුත් යෝශිතට නැවත සියලු නිලතල ඔහුගේ අනුග්‍රහයෙන් ලබා දිය හැකිනම් ජනාධිපතිගේ නිල කාලය අවසන් වන තුරු රට හා ජනතාව රැකිම මෙන්ම මැතිවරණයද සාධාරණ එකක් වීමට වග බලාගැනීම වසර 5ක් ජනතා මුදල් වලින් නඩත්තු වූ මනුෂ්‍යත්වයේ නාමයෙන් පරම යුතුකමකි.

About article14

Check Also

අවුරුදු 30 ක් සැලසුම් කල යාපනය ගුවන්තොටුපල මාස 6 න් හදපු හැටි

වසර 30 ක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී, වැඩ ආරම්භ නොකළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!