Breaking News
Home / දේශීය පුවත් / රාත්‍රී 10 වන තෙක් සුරාසැල් විවෘතව තැබීම හා කාන්තාවන් සම්බන්ධ ගැසට් එකට අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී වුන දේ

රාත්‍රී 10 වන තෙක් සුරාසැල් විවෘතව තැබීම හා කාන්තාවන් සම්බන්ධ ගැසට් එකට අද කැබිනට් මණ්ඩල රැස්වීමේදී වුන දේ

මත්පැන් සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කළ ගැසට් නිවේදන දෙක වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික එකඟත්වය හිමිව තිබෙනවා.

ස්කාගාරවලින් සහ සුරාසැල්වලින් මත්පැන් මිලට ගැනීමට, අලෙවි කිරීමට සහ එම ස්ථානවල සේවය කිරීමට කාන්තාවන්ට පැවති තහනම පසුගිය බදාදා විශේෂ ගැසට් නිවේදනයක් මගින් ඉවත් කරනු ලැබුවා.

එමෙන්ම බලපත්‍ර සහිත සුරාසැල් විවෘතව සහ වසා තැබෙන වේලාවන් සංශෝධනය කරමින් ද සුරාබදු ආඥා පනත යටතේ නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට පසුගිය බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යාංශය පියවර ගත්තා.

කෙසේ වෙතත් පසුගියදා අගලවත්තේ පැවති ජන හමුවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ අදාළ ගැසට් පත්‍ර දෙකම වහාම අහෝසි කිරීමට තමන් අදාළ නිලධාරීන්ට දැනුම්දුන් බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ තීරණයට අද (16) රැස්වූ කැබිනට් මණ්ඩලයද ඒකමතික එකගත්වය පළ කර තිබෙනවා.

About lanka

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!