Breaking News
Home / Video / රාජ සභාව කඩා දමා අදට මාස තුනයි පිළිසකර කිරීම බැලීමට ගිය ජවිපෙ නාමල් කුමාරට නගරාධිපතිගේ ගෝලයෝ හූ කියයි

රාජ සභාව කඩා දමා අදට මාස තුනයි පිළිසකර කිරීම බැලීමට ගිය ජවිපෙ නාමල් කුමාරට නගරාධිපතිගේ ගෝලයෝ හූ කියයි

පසුගිය දා ආන්දෝලනයක් ඇති කරමින් කඩා දැමුණු කුරුණෑගල පැරණි ගොඩනැගිල්ල ඉදිරිපිට අද උදෑසන උණුසුම් තත්ත්වයක් ඇති විය. අද පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න මහතා සහ මහා සංඝරත්නය එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නියමිතව තිබිණ.

එහෙත්, පොලීසිය එය වළක්වන නියෝගයක් ලබාගෙන තිබුණේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙනි. කරුණාරත්න මහතා ඇතුළු පිරිස එහි පැමිණීමෙන් අනතුරුව පොලීසිය විසින් එම අධිකරණ නියෝගය ඔහුට ලබා දුන්නේ ය. එම ස්ථානයට පැමිණ සිටි කුරුණෑගල නගරාධිපතිවරයාට සහය පළ කරන පිරිසක් නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසට ඉවත්ව යන ලෙස දන්වමින් ඝෝෂා කළහ.

අනතුරුව පොලීසියේ මැදිහත්වීම සහ, නගරාධිපතිවරයාට සහය පළ කළ කණ්ඩායමේ විරෝධය හමුවේ නාමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත්ව ගියහ. මෙම ගොඩනැගිල්ල කඩා දමා අදට මාස තුනකි. එම අවස්ථාවේ ඇතිවූ තත්වය පහත විඩියෝවෙන් – newsfirst

About article14

Check Also

චීන ආයෝජන වැඩි නිසා කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට දීම අත්‍යවශ්‍යයි – ඇමරිකා තානාපතිනි කියයි

ඉන්දීය සමාගමකට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය භාර දීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට සහ නාවික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!