Breaking News
Home / දේශීය පුවත් / රාජිත බේරගන්න නිදහස් පක්ෂයෙ හිටපු ලේකම් වරයෙක් පෙරට

රාජිත බේරගන්න නිදහස් පක්ෂයෙ හිටපු ලේකම් වරයෙක් පෙරට

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ඔහුගේ දේශපාලන ගමනට ආශිර්වාදයක් වන බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. එය පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් සමග එක්ව ක‍්‍රියාකරන බවයි එස් බී දිසානායක අමාත්‍යවරයා කියා සිටියේ.

බේරුවල ප‍්‍රදේශයේ අද පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂය රාජිත සේනාරත්න අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දක්වා ඇති කරුණු අතර මාලඹේ නෙවිල් ප‍්‍රනාන්දු රෝහල සහ සයිටම් ආයතනය සම්බන්ධයෙන් කරුණු දෙකක් ඇතුළත්. එම චෝදනා දෙක එල්ල කළ යුත්තේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට නොව තමන් වෙත බව ද අමාත්‍ය එස් බී දිසානායක මෙහි දී කියා සිටියා.

ඒස්. බී දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකුද වනවා.

About article14

Check Also

මාධ්‍යවේදී ඝාතන හා ප්‍රහාර මහාපරිමාණ දුෂණ පරීක්ෂණ කල අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධානි නිශාන්ත සිල්වා වහාම ඉවත් කරයි

පසුගිය ආණ්ඩු සමයේ මාධ්‍යවේදීන්ට පහර එල්ල කිරීම ඝාතනය කිරීම් වලට සම්බන්ධ ඉහළපෙලේ පරීක්ෂණ සහ මහාපරිමාණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!