Breaking News
Home / දේශීය පුවත් / රාජපක්ෂ විරෝධීන් 10 සමග එජාපය තනි ආණ්ඩුවක් හදයි තෝරාගත යුතු අගමැති කවුදැයි උපදෙස් ගැනීමට මන්ත්‍රීවරු සිරසට

රාජපක්ෂ විරෝධීන් 10 සමග එජාපය තනි ආණ්ඩුවක් හදයි තෝරාගත යුතු අගමැති කවුදැයි උපදෙස් ගැනීමට මන්ත්‍රීවරු සිරසට

අමාත්‍යමණ්ඩලය 30 කට සීමා කර එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව එම පක්ෂයේ සිරිකොත මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

පාර්ලිමේන්තුව තුළ සරල බහුතරයක් පෙන්වීම වෙනුවෙන් මේ වන විට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් 10 කට ආසන්න පිරිසක් සමඟ පක්ෂය සාකච්ඡා කර ඇති බවත් එම සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමක පවතින බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රීලනිපයේ රාජපක්ෂ විරෝධීන් 10ක් එජාප ආණ්ඩුවට

මෙසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සරල බහුතර ආණ්ඩුවක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කර ඇත්තේ දැඩි රාජපක්ෂ විරෝධී ප්‍රවණතාවක සිටින මැති ඇමති පිරිසක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමඟ සමඟි සන්ධානයකට එළඹුණහොත් එම පිරිස් අතරින් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට පවා අපේක්ෂාවෙන් සිටින බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ඇමතිවරුන්ට කොළඹින් පිට යන්න එපා : පක්ෂ නායකත්වය දැනුම්දීලා

එසේම මේ වන විට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියළු අමාත්‍යවරුන් කොළඹින් බැහැර නොවන ලෙසට පක්ෂ නායකත්වය දැනුම්දී ඇති බවද සිරිකොත ආරංචිමාර්ග පවසයි.

එජාප නායකයින් අදත් ජනාධිපති සමඟ සාකච්ඡාවක

තවද එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බවත් එහිදී සරල බහුතරය පෙන්වා ආණ්ඩුවක් පත්කර ගැනීමේ පක්ෂයේ අදහස නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම්දෙනු ඇති බවත් සිරිකොත ආරංචිමාර්ග අනාවරණය කර සිටියි.

ඕන කෙනෙක් සමඟ ආණ්ඩුවක් හදනවා : ඇමති මලික්

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට තවත් වසර දෙකහමාරක කාලයක් පවතින බැවින් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නොමැති බවත් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සහය දැක්වීමට කැමැත්ත පල කරන ඕනෑම පක්ෂයක් සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් අමාත්‍ය මලික් සමරවීර මාධ්‍ය වෙත පවසා ඇති බවද වාර්තා වෙයි.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව පවතින බවද මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයේ අඩුවීමක් නොමැති බවද පවසා ඇත.

එජාප තනි ආණ්ඩුව ස්ථිරයි : එජාප පසුපෙළ මාධ්‍ය හමුවේ දැඩිව අවධාරණය කරයි

එක්සත් ජනතා නිදහස් පක්ෂයේ තනි ආණ්ඩුවක් සෑදීම වෙනුවෙන් තම පක්ෂය ඒකමතික තීන්දුවකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සඳහන් කරයි.

අද (13) අග්‍රාමාත්‍යවරයා ඇතුළු පක්ෂ නායකත්වය සමඟ අරලියගහ මන්දිරයේදී එජාප පාර්ලිමේන්තු කණ්ඩායම පැවැත්වූ සාකච්ඡාවේදී මෙම තීන්දුව ගනුලැබූ බවත් ඒ අනුව පිහිටුවනු ලබන ආණ්ඩුව මුළුමනින්ම එක්සත් ජාතික පක්ෂයේ යෝජනා ප්‍රතිපත්ති සහ දැක්ම අනුව කටයුතු කරන්නක් වියයුතු බවට තමන් එජාප නායකත්වයට දැනුම්දුන් බවද එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියි.

ඔවුන් මෙම අදහස් දැක්වීම සිදුකරනු ලැබුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡා ව අවසන් කර මාධ්‍ය අසනු ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය.

එහිදී අග්‍රාමාත්‍යධූරයේ වෙනසක් සිදුවන බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව මාධ්‍ය සිදුකළ විමසීමේදී එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටියේ අග්‍රාමාත්‍යධුරයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් පළමුව තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසුව පක්ෂයේ වැඩ කටයුතු සහ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් අරඹන බවද ඔවුන් පැවසීය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීම සම්බන්ධව දිගින් දිගටම මාධ්‍ය ප්‍රශ්න කරන්නට ගත් අතර එහිදී එම මන්ත්‍රී කණ්ඩායම සඳහන් කර සිටියේ තම පක්ෂය ආණ්ඩුව ලබාගෙන පසුව සිරස ආයතනයට ගොස් අගමැතිවරයා කවුරු වියයුතුද යන්න ගැන දැනගෙන ඔවුන් අවසර දෙන අයෙකුට අගමැති ධූරය ලබාදීමට කටයුතු කරන බවය.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!