Breaking News
Home / දේශීය පුවත් / රාජපක්ෂලාට වැඳලා හිරෙන් එලියට ආපු නැති මම සිරිසේනට වදියිද? ප්‍රසිද්ධ විවේචන කරන්න එපා කිව්වා – SF

රාජපක්ෂලාට වැඳලා හිරෙන් එලියට ආපු නැති මම සිරිසේනට වදියිද? ප්‍රසිද්ධ විවේචන කරන්න එපා කිව්වා – SF

සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයට වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි, ගුරුවරුන්ටයි, පූජ්‍ය පක්ෂය ටයි විතරයි. දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ. වඳින්නෙත් නෑ.

රාජපක්ෂල මාව හිරේ දාන කොට මගෙන් ඉල්ලීමක් කරා සමාව ගත්තොත් එළියට දානවා කියලා. එවෙලෙත් දණ ගහපු නැති මම දේශපාලනඥයින් ලග ගිහිල්ලා වැඳලා සමාව ගත්ත කියනවනම් මේ රටේ ජනතාව ඒවා විශ්වාස කරන එකක් නෑ.” යැයි තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා පැවසුවා.

Image result for sarath fonseka jail

ඒ හොරොව්පතාන වන අලි සුරැකුම් මධ්‍යස්ථානයෙ නිරීක්ෂණ චාරිකාවකට අද (11) සහභාගී වීමෙන් අනතුරුව දුටුවැව රක්ෂිතයේ පසුගිය 3 වෙනි දින හමුවු මිය ගිය දල ඇතාගේ සිරැර බැලිමට ගිය අවස්ථාවේ මධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ය.

Related image

“කැබිනට් ප්‍රකාශ සිද්ධ කරන එක වගකිව යුතු ප්‍රකාශයක් කාටවත් කඩේ යෑමක් නොවිය යුතුයි. ඒ නිසා එවැනි ප්‍රකාශ පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. පහුගිය දිනවල මට නීතිය හා සාමය අමාත්‍යාංශය අහිමි කරපු දවසේ ඉඳලා මම යම් යම් ප්‍රකාශ කළා. සමහර ප්‍රකාශ වල දේශපාලනික වශයෙන් සමහරු විවේචනය වුණා.

ඉතින් ඒවා හරහා මට ලැබුණු බලවේගයක් මත මම ජනාධිපතිතුමාගෙන් වැඳලා සමාව ගත්ත කියල තමයි කියන්න හදන්නේ. ඒකතාව සම්පූර්ණ බොරු. මමයි මලික් සමරවික්‍රමයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා.

එතැනදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපි හිත හොඳින් හිටපු කට්ටියනෙ අපි හිතවතුන් ඒ නිසා අපි අතර ප්‍රශ්න තියනවනම් මාධ්‍යයට කියන්න අවශ්‍ය නෑනේ මීටින් වල කියන්නත් අවශ්‍ය නෑනෙ කියලා.එතකොට මම ප්‍රකාශ කළා තිබුණ වාතාවරණය මත එවැනි දේවල් සිද්ධ වුණා අපිට ඉදිරියට එකට වැඩ කරන්න පුළුවන් කියලා.

විනාඩි තුනක සාකච්ඡාවක් එච්චරයි සිද්ධ වුණේ.” යැයි අමාත්‍ය සරත් ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවා.

About lanka

Check Also

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!