Breaking News
Home / දේශීය පුවත් / රාජකීය තර්ස්ටන් ඇතුළු කොළඹ නගරය මැද පාසල් කිහිපයක් හමුදා නිලධාරින් නිරෝධායනයට මධ්‍යස්ථාන ලෙස පිහිටවීමට යයි

රාජකීය තර්ස්ටන් ඇතුළු කොළඹ නගරය මැද පාසල් කිහිපයක් හමුදා නිලධාරින් නිරෝධායනයට මධ්‍යස්ථාන ලෙස පිහිටවීමට යයි

රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, හින්දු විද්‍යාලය, මහානාම විද්‍යාලය, ඩි.එස්. සේනානායක විද්‍යාලය ඇතුලු කොළඹ නගරයේ පාසල් 5 ක් හමුදා නිලධාරින් නිවාඩු ලබා ගෙවල් වලට යාමට පෙර නිරෝධායනය කිරීමට නවාතැන් ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

තර්ස්ටන් විද්‍යාලය නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් ද මහානාම විද්‍යාලය යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙද දැනටමත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරිමට කටයුතු ආරම්භ කර ඇති බව සදහන්.

කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය , ඩී.එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ හින්දු විද්‍යාලය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස (28) සිට කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

පාසල් විවෘත කිරීමට දින නියම කර ඇති මොහොතක හා මැයි 4 සිට කොළඹද ඇදිරිනීතිය ලිහිල් කරන බව නිවේදන නිකුත් කර ඇති මොහොතක කොළඹ නගරය මැදම මෙවන් මධ්‍යස්ථාන පිහිටවීමට තීරණ ගන්නන් තීරණ ගෙන තිබේ.

තොරතුරු අංජුල මහික ඇසුරින්

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!