Breaking News
Home / ක්‍රිඩා / රසල් විචාරක කුටියේ අනිත් අයගෙන් ලැජ්ජාවුන විදිහිය

රසල් විචාරක කුටියේ අනිත් අයගෙන් ලැජ්ජාවුන විදිහිය

ශ්‍රි ලංකා කණ්ඩායම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් විචාරක කුටියේ මේ දිනවල තමන් ඉතා අසීරු කාලයක් ගත කරන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ තරග 9-0ක් ලෙස අවසන්වූ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව බීබීසි පුවත් සේවය සමග කළ සාකච්ඡාවකට එක්වෙමින්. එම සංවාදයේදී ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා. “ගොඩක් අමාරුයි, අපි හැමවෙලේම උත්සහ කරන්නේ හොඳ දේවල් මතුකරන්න, අඩුපාඩු මතුකරන්නේ නැතුව. රට වගේම ක්‍රීඩකයන්වත් ප්‍රමෝට් කිරීමට තමයි උත්සහ කරන්නේ. හැබැයි ක්‍රිඩකයන්ගෙන් කිසි දෙයක් එන්නේ නැතිවුනාම ඒක ගොඩක් අමාරු වෙනවා”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයන්ට තම කණ්ඩායම වෙනුවෙන් මීට වැඩි දායකත්වයක් ලබාදිය හැකි බව තමන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ මතයවූ බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ කණ්ඩායම ඉදිරියට ගෙන ඒමේ වගකීම ඇත්තේ අන් කවුරුන්ටත් වඩා ක්රීාඩකයන්ට බව පැවසූ රසල් ආර්නල්ඩ් ශ්‍රි ලංකා කණ්ඩායම තම දක්ෂතාවලට අනුව ක්රීාඩා නොකළ බව කියා සිටියා.

ඉන්දීය කණ්ඩායම ඉතා හොඳින් ක්‍රිඩා කළ නමුත් ශ්‍රි ලංකා කණ්ඩායම තම හැකියාවන්ට අනුව ක්‍රිඩා නොකළ බව “ඇස් වහගෙන” වුව කිවහැකි බව ජාත්යතන්තර ක්රි කට් විචාරක රසල් ආර්නල්ඩ් ප්‍රකාශ කළ බවයි බීබීසි පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

About article14

Check Also

රටේ සියලු අන්තවාදි සංවිධාන තහනම් කරන්න රජය තිරනය කරයි

රට තුළ පවතින සියලුම අන්තවාදි සංවිධාන තහනම් කිරීමටය ඉදිරියේදි කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍ය රුවන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!